Gossip

සුපිරි ඉන්දීය නළු සුශාන්ත් සින් රාජ්පුට් දිවිනසා ගනී

රකට ඉන්දීය රූපවාහිනි හා චිත‍්‍රපට නළුවකු වූ සුශාන්ත් සින් රාජ්පුට් සියදිවි නසා ගෙන ඇත. මියයන විට හෙතෙම 34 වැනි වියේ පසුවිය.

ඉන්දීය මාධ්‍ය පවසන්නේ මුම්බායි සිය නිවසේදී ගෙල වැලලාගෙන සිය දිවි හානි කරගෙන ඇති බවයි.

සුපිරි ඉන්දීය ක‍්‍රිකට් ක‍්‍රීඩක එම්. එස්. දෝනිගේ ජීවිත කතාව අළලා සකස් කරන ලද M.S. Dhoni The Untold Story චිත‍්‍රපටයේ දෝනිගේ චරිතයට පණ පොවනු ලැබුවේද සුශාන්ත් විසිනි.

සුශාන්ත් ගේ හිටපු කළමනාකරු වූ දිශා සයිලාන් ජුනි මස මුලදී සියදිවි නසා ගෙන තිබිණි.

සුශාන්ත් සින් රාජ්පුට් මාස කිහිපයක සිට විශාදය  රෝගයෙන් පෙළී ඇති අතර සියදිවි නසා ගැනීමටද මේ තත්ත්වය හේතු වී ඇති බව ඉන්දීය වාර්තා කියයි.
චතුර පමුණුව

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!