ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර පැවති පන්දුවාර විස්ස තරඟාවලිය පසුගිය 29 වනදා අවසන් වුණේ තරග 03ට බිංදුවක් ලෙස පාකිස්ථාන කණ්ඩායමට පූර්ණ තරගාවලි ජයක් අත්කර දෙමිනුයි. අවසන් තරගය පාකිස්ථානය ජය ගත්තේ ලකුනු 36කින්.
පාකිස්ථානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේ දී අවසන් විස්සයි විස්ස තරගය පැවැත්වුණු අතර කලකට පසු විදෙස් කණ්ඩායමක් පාකිස්ථානයට පැමිණීම හේතුවෙන් එම ගඩාෆි ක්‍රීඩාංගණය වර්ණවත් වී තිබුණා.
එහිදී තරග ආරම්භයට පෙර පැවති සමාරම්භක උළෙල පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය මේවන විට යොමුව තිබෙනවා.
ඒ ශ්‍රී ලංකාවේ ජාතික ධජය අතටගත් පාකිස්ථාන දැරියන් පිරිසක් ජාතික ගීය ගායනා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සහ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විවිධ නාම පුවරු රැගෙන සිටින අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක්ද එරට මාධ්‍ය විසින් නිකුත් කිරීමත් සමගයි.
මේ ඊට අදාළ වීඩියෝව සහ ඡායාරූප කිහිපයක්.
