බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ඊයේ පැවැත්වුණු තරගය ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්වුණා.
පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකාව කඩුලු 6 ක් දැවී ලකුණු 338 ක් රැස් කළා.
සිය මංගල ශතකය වාර්තා කරමින් අවිශ්ක ප්රනාන්දු ලකුණු 104 ක් රැස් කළා.
ඔහුගේ ඉනිමට හතරේ පහර 9 ක් සහ හයේ පහර දෙකක් ඇතුලත් වුණා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ කොදෙව් කණ්ඩායම තරගය අත්නොහැර තියුණු සටනක නියැලුණා.
ලසිත් මාලිංග කඩුලු තුනක් ලබාගත්තා.
තරගයේ වීරයා අවිශ්ක ප්රනාන්දු.