Gossip

“අපේ රටේ තරුණයන් එකතු වුණොත් කරන්න බැරි දෙයක් නෑ” – රටටම පණිවුඩයක් දෙමින් ගාල්ලේ තරුණයන් කළ අපූරු වැඩක් මෙන්න – Photos

පාරක ගමන් කරද්දි අපිට වැඩිපුරම දකින්න ලැබෙන දෙයක් තමයි දැන්වීම්.
ප්‍රසිද්ධ ස්ථානවල දැන්වීම් ඇලවීම තහනම් කියලා කොයි තරම් ගහලා තිබුණත් දැන්වීම් අලවන එකනම් අඩුවක් වෙලා නෑ.
මොන තරම් නීති රීති පැනවුවත් මේ වැඩේ නතර කරන්නනම් තවම ලැබිලා නැහැ.
මේ වෙනුවෙන් තරුණ පරම්පරාව ලොකු උත්සාහයක් දරනවානම් අපිට දැකගන්න ලැබුණා.
ගාල්ල ඉමදූව පැත්තේ තරුණයන් පිරිසක් ෆේස්බුක් මිතුරන් පිරිසක් එකතු කරගෙන අපූරු නිර්මාණශීලී වැඩක් කරලා තිබුණා.
මේ ගැන කවුරුත් කතාවෙන්න පටන් අරන්.
ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ඉමදුව ප්‍රදේශයේ දැන්වීම් අලවා අපවිත්‍ර කර ස්ථානයක් මෙලෙස පවිත්‍ර කර එහි ඉතා අලංකාර සිතුවමක් නිර්මාණය කරමින් ඔවුන් රටටම පණිවිඩයක් ලබා දී තිබුණා.
අපේ රටේ තරුණයින්ට එකමුතු වුණොත් කරන්න බැරි දෙයක් නෑ කියන එක ඔවුන් ඔප්පු කරලා තිබුණා.
ඉතා දැඩි දුෂ්කරතා යටතේ මීට අවශ්‍ය මුදල් සොයා ගනිමින් මෙම නිර්මාණය කළ තරුණ පිරිස ඉදිරියේදී තවත් ස්ථාන කිහිපයක මෙවැනි නිර්මාණ සිදුකිරීමට සැළසුම් කර ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.
ඒ වගේම ඊට අවශ්‍ය තීන්ත සහ වෙනත් අමුද්‍රව්‍ය ලබා ගැනීමට ඔබගේ සහය ලබාදිය හැකිනම් එය ලොකු ශක්තියක් කියලයි ඔවුන් කියන්නේ.

පහත දුරකතන අංක ඔස්සේ ඔවුන්ව සම්බන්ධ කරගත හැකියි..

075 – 4600716 යසිත

077 – 2056204 සසංක

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!