මේ කතාව අපට කියන්නේ නම් ගණනාවකින් පෙනී සිටිමින් සිංහල නිල් චිත්‍රපට ගණනාවක රඟපා ඇති 27 හැවිරිදි තරුණියකි.
ඇගේ ඇත්ත නම සමන්ති නොවෙයි. එහෙත් මෙයට අවුරුදු හතරකට පෙර සිංහල බ්ලූ ෆීල්ම් එකක රඟපාන විට එය නිෂ්පාදනය කළ තැනැත්තාට තම නම ලෙස ඇය දුන්නේ සමන්ති යන නමය. සුන්දර සිරුරක්, සරාගී දැසක් සහ ලස්‌සන අඟපසඟ ඇති රූමත් තරුණියක වන සමන්තිට තවත් නම් කිහිපයක් තිබිණ. මෙයට අවුරුදු පහකට පෙර එනම් වසර 2010 දී ඇය බ්ලූ ෆීල්ම් පහක රඟපෑවාය. එයින් පළමුවැන්නේ නිෂ්පාදකයට ඇය දුන් නම සඳරේණු ය. දෙවැන්නට සඳරාජිනීය. තුන්වැන්නට මල්රේණු ය. හතරවැන්නට යළි සඳරාජනි ය. පස්‌වැන්නට ප්‍රබෝධා ය.
“මොකද ෆීල්ම් එකෙන් ෆීල්ම් එකට නම් මාරු කරන්නේ….?” මම ඇගෙන් ඇසුවෙමි.
“ලස්‌සන තරුණ කෙල්ලකුට ලස්‌සන නමක් තියෙනකොට ආකර්ෂණය වැඩියි. නිකම් කුසුමා, විමලා, කරුණා වගේ නමක් තිබුණොත් අපේ ප්‍රොඩියුසර්ලා අපිව ගණන් ගන්නේ නැහැ. ඔය ජානකී, රෝහිණී වැනි නම් වුණත් අද පරණයි. ඒ නිසා සඳරේණු, මල්රේණු, ආකර්ෂා වගේ නමක් තියෙන්නම ඕනෑ. මම ඔය පාඩම ගත්තේ සිංහල සිනමාවෙන්. ප්‍රසිද්ධ සිංහල නළු නිළියන් නම් මාරු කරගත්ත අය බව මම අහල තියෙනවා. දැන් බලන්නකො ටෙලි නාට්‍යවල ඉන්න නිළියන්ගේ නම්. ඒ නම්වලට කොල්ලන්ට පිස්‌සු වැටෙනවා.
ඇගේ කතාවට මම එකඟ වුණෙමි. තරුණ සුන්දර කරලැයින් ඒ නමින් දකිනවාට වඩා ආකර්ෂා ලෙස දැකීමට කොල්ලෝ කැමැත්තාහ. රූමත් කරුණාවතී හෝ සීලවතී ඒ නමින් දකිනවා වෙනුවට පුනර්ජීවනී හෝ නෙත්මි ලෙස දකින්නට කොල්ලෝ පමණක් නොව වයසක අංකල්ලා ද කැමැත්තාහ. මේ තරුණියගේ ප්‍රායෝගික කතා විලාසයෙන් මම මහත් කම්පනයට පත් වුණෙමි. “ඔයාගේ වයස කීයද?” ඒ මගේ ප්‍රශ්නයයි.
“විසි හතයි”
“ගම?”
“ගම්පොල.”
“ඉගෙනගත්තෙ……..?”
“නුවර…… බාලිකා විද්‍යාලේ…..”
“කීයට ඉගෙන ගත්තද?”
“ඒ ලෙවෙල් පාස්. බයෝ කළා. කැම්පස් සිලෙක්‌ට් වෙන්න ලකුණු හතරක් මදි වුණා.”
“තාත්ත අම්ම එහෙම….?”
“දෙන්නම රජයේ සේවකයෝ. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ.”
“ඇයි ඔයා බ්ලූ ෆීල්ම්ස්‌වල රඟපාන්නේ?”
“ඇයි මම රඟනොපාන්නේ..? මට එහෙම රඟ නොපා ඉන්න තරම් තියන සාධාරණ හේතු මොනවාද?”
ඇගෙන් අනවශ්‍ය ප්‍රශ්නයක් ඇසුවේ යෑයි මම තැවුනෙමි. දැන් ඉතින් මේ සාකච්ඡාව මෙතැනින් අවසන් වෙනවා ඇත. එහෙත් ඇය යළිත් කතා කළාය “ඔයාගේ ප්‍රශ්නෙට උත්තරේ මේකයි. මම බ්ලූ ෆීල්ම්ස්‌වල රඟපාන එක මාර විදියට එන්ජෝයි කරනවා. මම රඟපාපු බ්ලූ ෆීල්ම්ස් එකක් බලද්දී මාර ආතල් හැඟීමක් හිතට එනවා. සමහර වෙලාවට ගෙදර කට්‌ටිය නැති වෙලාවේ මම ලැප්ටොප් එකෙන් මං ඉන්න ෆීල්ම් එකක් බලනවා. ඒ වෙලාවට බියර් එකක් හරි මලක් හරි (කේරළ ගංජා සුරුට්‌ටුවක්) තිබුණොත් එන්ජෝයිමන්ට් එක ඩබල් වෙනවා….”
“ඔයා එක ෆීල්ම් එකකට කීයක් අය කරනවද?”
“එහෙම ගාණක් කියල නැහැ….. සමහර ඩිරෙක්‌ටර්ල රුපියල් 25000 ක් දෙනවා. සමහරු 10,000 ක් දෙනවා. කීය ගෙව්වත් බ්ලූ ෆීල්ම් එකක උපරිම කාලය විනාඩි 20 යි නේ.”
“ඉතින් ඔය ෆීල්ම් එකක් ෂූට් කරන්න (රූපගත කරන්න) කී දෙනෙක් විතර එනවද…?”
“ඔක්‌කොම අපි තුන්දෙනයි. ඩිරෙක්‌ටර්ම තමයි ෆොටොග්‍රැෆී කරන්නෙත්. ඊට අමතරව කොල්ලෙකුත් එනවා. එයා තමයි මගේ පාට්‌නර් හැටියට රඟපාන්නේ. ඌටත් මගේ හිතේ රුපියල් 5000 ක් විතර දෙනවා……”
“ඇයි ඔයාට 25000 ක් දීලා ඌට 5000 ක්……?”
“මෙතැනදී අපි කාන්තා අයිතිය සුරක්‍ෂිත කරලා පුරුෂාධිපත්‍යයට පයින් ගහලා තියෙනවා. ඌට 5000 ක් වත් දෙන්න ඕනෑ නැහැ කියන තැන තමයි මං ඉන්නේ. මොකද මේක හුඟක් වෙලාවට උගේ පළමුවැනි අත්දැකීම. මං වගේ ලස්‌සන කෙල්ලක් එක්‌ක එකතු වෙන්න ඌට චාන්ස් එක මේකෙදී ලැබෙනවා. ඉතින් හරිනම් ඌ අපට ගාණක් ගෙවන්න ඕනෑ.”
“ඉතින් ඔහොම හදන බ්ලූ ෆීල්ම් විකුණනවද?” මම සමන්තිගෙන් ඇසුවෙමි.
“මම දන්න තරමින් නම් නැහැ. කාට විකුණන්නද? කව්ද ඕව ගන්නේ? ඉන්ටර්නෙට් එකට ගියාම පිටරටවල හදපු කොලිටි බ්ලූ ෆීල්ම් කොච්චර තියෙනවද?”
“ඔය සල්ලිවලින් මොනවද කරන්නේ….?” මම කල්තබා පිළියෙළ කරගෙන සිටි ප්‍රශ්නයක් ඇසුවෙමි.
“යාළුවොත් එක්‌ක ලන්ච්වලට යනවා. සමහර දවස්‌වලට නයිට් ක්‌ලබ් යනවා.”
“නයිට් ක්‌ලබ්වලදී කොල්ලෝ එහෙන් මෙහෙන් කිට්‌ටු කරන්නෙ නැද්ද?”
“ඕනෑ තරම් එනවා. කතා කරනවා. ඩාන්ස් කරනවා. සින්දු කියලා ෆන් ගන්නවා. හැබැයි අතනින් මෙතනින් අල්ලන්න ආවොත් සෙරෙප්පුව ගලවලා ඒකෙන් ගහනවා……”
“ඇයි ඒ……?”
“මම ගණිකාවක් නෙවෙයිනේ. මම බ්ලූ ෆීල්ම් කරන්නේ මගේ ෆන් එකට. මගේ ඈංගල් එකෙන් ඒක කුපාඩිකමක් නෙමෙයි.”
“ගෙදර අය මේව දන්නවද…?”
“ඔයාට පිස්‌සුද?” ඇය හිස සලා සිනාසී මගෙන් ඇසුවාය. “ගෙදර අය ඔන්න මට මනමාලයෙකුත් බලලා. දැවැද්දකුත් දෙන්නයි යන්නේ.
සමන්ති නමින් පෙනී සිටින ඇගේ සැබෑ නම ……….. වීරසුරන්ද්‍ර ය. සමහර විට ලබන අවුරුද්දේ කසාද බඳින ඇය ඊළඟ අවුරුද්දේ දරුවකු හා සැමියා සමඟ මට හමුවනවා ඇත.
“ඔයාට බය නැද්ද සමාජ රෝග හැදෙයි කියලා” මම අවසන් ප්‍රශ්නය නැගුවෙමි.
“නැහැ……….” ඇය සෘජුවම කීවාය. ඒවට ප්‍රිවෙන්ටිව් මෙතඩ්ස් ඇන්ඩ් ප්‍රිකෝෂන්ස් (රෝග හට ගැනීම වළක්‌වන ආරක්‍ෂාකාරී ක්‍රම) තියෙනවා. මම ඒවා සියයට සීයක්‌ම අනුගමනය කරන කෙනෙක්.