ඇමෙරිකාවේ තේරීපත් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරට තම බෑනා වන ජෙරාඩ් කුෂ්නර් නම් කර තිබේ.
35 වැනි වියෙහි පසුවන ජෙරාඩ් විසින් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ ප්‍රධාන භූමිකාවක් මෙහෙයවූ බව නොරහසකි.
එමෙන්ම, ධවල මන්දිරය තුළ ඔහුගේ නව භූමිකාව තුළ දේශීය මෙන්ම විදේශීය ප්‍රතිපත්ති සම්බන්ධ කරුණු රැසක් ආවරණය වනු ඇති බව විදෙස් වාර්තා පවසයි.
ට්‍රම්ප්ගේ වැඩිමහලු දියණිය වන ඉවන්කා ට්‍රම්ප් සමග විවාහ වී සිටින ජෙරාඩ් යනු දේපොළ වෙළෙඳාම් ක්ෂේත්රයේ මෙන්ම ව්‍යාපාර ක්ෂේත්‍ර රැසක නම රැන්ඳූ ප්‍රකට ව්‍යාපාරිකයෙකි.
කෙසේ වෙතත්, මෙම නම් කිරීමත් සමගම ඩිමොක්රටික් කඳවුර විසින් මෙය ඥාති සංග්‍රහයක් බව පවසමින්, මෙම පත්කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා ඇති බවද විදෙස් වාර්තා පවසයි.