ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා අලුතින් බස් රථ 1250 ක් මිලදී ගැනීමට නියමිත බව වාර්තා වෙනවා.
එම බස් රථ වලින් දිග බස් රථ 1000ක් සහ කුඩා ප්රමාණයේ බස් දෙසීය පනහක් මෙසේ ගෙන්වන බව සඳහන්ය.
ලංගම සභාපති රමල් සිරිවර්ධන මහතා පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් මේ බව පවසා තිබෙනවා.