කොරෝනා පැතිරයාම පාලනය කිරීම සම්බන්ධයෙන් පසුගිය මාසයේදී ලොව පුරා ගෞරවයට පාත්රවූ සිංගප්පූරුවේ කොරෝනා පැතිර යාම යලිත් වරක් ශීග්‍ර ලෙස වැඩිවී තිබේ.
එරට කොරෝනා රෝගය මේ වන විට ශීග්‍රයෙන් ව්‍යාප්තවීම පාලනය කරගන්නට එරට බලධාරීන් අපොහොසත්වී තිබෙන අතර පසුගිය මාර්තු 17 වැනිදා 266 ක් වූ සිංගප්පුරුවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව මේ වන විට 6588 දක්වා වැඩිවී තිබේ. එරට පුද්ගලයන් 94796 දෙනෙකු මේ වන විට කොරෝනා පරීක්ෂාවට ලක්කර තිබේ.මේ වනවිට සිංගප්පුරුවේ දිනපතා රෝගීන්ගේ ඉහළයාම සිදුවන්නේ හයසියය, හත්සියය, නවසියය ආදී වශයෙනි.මීට හේතු වුයේ කොරෝනා රෝගය පාලනය වුයේ යැයි සිතා දැඩි නීති රීති ලිහිල් කිරීමය.
මුල සිටම ගුවන් තොටුපලේ සිට දැඩි පරීක්ෂා කිරීම් , ඊට අමතරව රටේ තැනින් තැන පරීක්ෂා කිරීම් හා ආසාධිතයන් රෝහල් වලම තබා ගෙන ප්‍රතිකාර කිරීම, ස්වයං නිරෝධායනයට අවස්ථාව නොදීම ආදිය නිසා රෝගය පැතිර යාම මුළුමනින්ම පාලනය විය.
මේ නිසා ලොව ව්‍යාපාරික හා සංචාරක මධ්‍යස්ථානයක් වුවද ප්‍රමාණයෙන් කුඩා වීමත් , ජනගහනය ලක්ෂ 57 ක් වීමත් නිසා එම රට හොඳින් ආරක්ෂා විය.එසේම ලොව හොඳම සෞඛ්‍ය සේවාවක් හිමි රටක් ලෙස සිංගප්පුරුවට ඇත්තේ විශාල පිලිගැනීමකි.
එහෙත් සිංගප්පුරුවට දෙවන කොරෝනා රැල්ලෙන් බේරීමක් නොමැතිවී තිබේ. ඒ සිංගප්පුරුව නිසි පරිදි රට වසා නොදැමීම නිසාය.මේ වන විට හෙළිවී ඇත්තේ දහස් ගනනක් වන එරට සිටින විදේශීය කම්කරුවන් මගින් රෝගය විශාල ලෙස මේවන විට ව්‍යාප්ත වී ඇති බවය.කෙසේවෙතත් මේ වන විට එය ව්‍යාප්ත වන වේගය පාලනය කිරීමද අපහසු වී තිබේ. මේ වන විට මුළු සිංගප්පුරුවම වසා දමා දැඩි නීති පනවා තිබේ. පාසල් ඇතුළු සියලූ ආයතන වසා දමා අත්‍යවශ්‍ය හේතුවකට හැර එලියට පැමිණීම තහනම් කර විශාල දඩ ගැසීමද හඳුන්වා දී තිබේ. එහෙත් රෝගය පැතිරයාම දිනෙන් දින වැඩිවෙමින් පවතී.
දිවයින
