දිගු කාලයක් නිහඬව සිටි ඉන්දීය සුපිරි නළු ෂාරුක් ඛාන් පතාන් චිත්රපටය සමග නැවත කරලියට පැමිණීමට නියමිතය. බොහෝවිට මෙම චිත්රපටය ලබන වසරේ ජනවාරි මාසයේදී තිරගත කිරීමට සැලසුම් කර තිබෙන අතර දීපිකා පදුකෝන් ෂාරුක් ඛාන් සමග මේ දිනවල ඒ සඳහා එක්ව තිබෙන බව වාර්තා වේ.
මෙහිදි දීපිකා පදුකෝන් පතන් හි නිරූපණය කරන චරිතය ටයිගර් සින්දා හායි හි කත්රිනා කයිෆ් නිරූපිත චරිතයට සමානකමක් දක්වන චරිතයක් බවට වාර්තා වේ.
මෙම දෙසැම්බර් මාසය මුලදී චිත්රපටයේ බෙදාහැරීම් සඳහා දීපිකා පදුකෝන් ෂාරුක් ඛාන් සමග එක් වීමට සැලසුම් කර තිබේ.
පතාන් චිත්රපටය අධ්යක්ෂණය කරනු ලැබ ඇත්තේ සිද්ධාර්ත් ආනන්ද් විසින් වන අතර දීපිකා පදුකෝන් සහ ජෝන් ඒබ්රහිම් මෙහි ප්රධාන භූමිකා නිරූපණය කරයි.