SEX යන වචනය අන්තර්ජාලය හරහා සෙවීමෙන් ලොව පළමු ස්ථානයට පත්ව සිටි ශ්රී ලංකාව මෙවර දෙවැනි ස්ථානයට පත් කිරීමට ඉතියෝපියාව සමත්ව තිබේ.
නවතම ගූගල් (Google) වාර්තාවන් අනුව ගත වූ මාස 12 ඇතුළත දි ගූගල් අන්තර්ජාල යෙදවුම හරහා වැඩිම අවස්ථා ගණනක දී SEX යන වචනය සොයා ඇත්තේ ඉතියෝපියාවයි.
දැන් SEX සෙවූ රටවල් අතර දෙවැනි ස්ථානයට වූ ලංකාවත්, තෙවැනි ස්ථානයට බංග්ලාදේශයත් පත්ව ඇත. ඒ අනුව ඉතියෝපියාව, ශ්රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය, ඉන්දියාව, වියට්නාමය, පාකිස්ථානය, මියන්මාරය, සැම්බියාව සහ උරුගුව යන රටවල් පිළිවෙළින් එම ලැයිස්තුවට ඇතුළත්ව සිටී.
2019 වර්ෂයේ දී එම ලැයිස්තුගත කිරීමවල ශ්රී ලංකාව ප්රථම ස්ථානයේ පසු විය. මෙයට පෙර 2012 සිට 2016 වසර දක්වා වසර 5ක් එක දිගට SEX යන වචනය හෙවත් ‘ලිංගිකත්වය’ යන වචනය සෙවූ රට ලෙස ප්රථම ස්ථානය හිමි කරගත්තේ ලංකාවයි.