මෙවර සුමති සම්මාන උළෙලේදීත් හොඳම නිළිය සම්මානය සාරංග ඉදිරියේදීම ලබාගන්න උමාලි තිලකරත්නට හැකිවුණා.
පසුගිය රයිගම් සම්මාන උළෙලේදීත් දක්ෂතම නිළිය ලෙස උමාලි සම්මාන ලබාගත්තේ සාරංග ඉදිරියේදීමයි.
ඇය එම වේදිකාවේ සිදුකළ ප්රකාශයක් නිසා ලොකු කතාබහක්ද ඇතිවුණා.
කෙසේ වෙතත් මෙවරත් උමාලි සාරංග ඉදිරියේ සම්මාන ලබාද්දි සාරංගට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් ගැන ඔහු සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණා.
ඒ ස්වර්ණා මල්ලවආරච්චි ජීවිතයේ එක්වරක් පමණක් ලැබෙන සම්මානයෙන් පිදුම් ලබද්දී සාරංග එම අවස්ථාවේ සම්මානය අතදරා සිටීම ගැනයි.
සාරංග සිය මුහුණුපොතට ඡායාරුපයක්ද එක්කරමින් මෙලෙසින් එම සටහන තබා තිබුණා.
ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන සම්මානයෙන් අත්විතීය ඇය පිදුම් ලබද්දී, කුරා කුහුඹු මටත් ජීවිතයේ එක් වතාවක් පමණක් ලැබෙන මේ අවස්ථාව හිමිවිය.
