මේ දවස්වල හැමතැනම වගේ තියෙන්නේ ඡන්ද උණුසුම.
මේ උණුසුම තවත් වැඩිකරමින් සුපිරි ක්රිකට් ක්රීඩකයෙකු වන කුමාර් සංගක්කාර මැතිවරණය සම්බන්ධයෙන් සිය අදහස පලකර තිබෙනවා.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සංගා පවසා තිබෙන්නේ මේ වගේ කතාවක්.
” ඔබ ලංකාවේ කොහේ ජීවත් වුණත් ලබන 10 වැනිදා තියෙන ඡන්දෙදි මතක තියාගන්න ඕනේ කරුණක් තිබෙනවා.
නරක පුද්ගලයන් පත් නොකිරීමට වගබලාගන්න.. හොඳ පුද්ගලයින් විසින් නරක පුද්ගලයින් තේරීමෙන් වලකින්න”
මේ බව සංගා පැහැදිලි කර තිබෙන්නේ ඇමරිකානු 6 වැනි ජනාධිපති John Quincy Adams මහතා විසින් පැවසූ පාඨයක් උදාහරණයට ගනිමින්.
සංගක්කාර මෙවර මැතිවරණයේදී හොඳ පුද්ගලයින් තෝරාගැනීම වෙනුවෙන් නායකත්වය දීමට ඉදිරිපත් වීම යහපත් කරුණක් බවයි බොහෝ දෙනා අදහස් පලකර තිබෙන්නේ.
