ප්‍රශ්නවලට ඉක්මන් විසඳුම් හොයලා ජීවිතේ නැතිකරගත්තු සිද්ධි ගැන පසුගිය කාලේ පුරාම වාර්තා වුණා.
ජීවිතේ නැතිකරන්නවා වෙනුවට හිත වෙනස් කරගන්න විදි ගැනත් අන්තර්ජාලය හරහා හුවමාරු වුණා.
කොයි තරම් ඒ ගැන දැනුවත්කිරීම් කළත් ජීවිත නැතිකරගන්න එකේ අඩුවක්නම් පේන්න නැහැ.
පසුගිය දවසක ඒ විදිහට ප්‍රශ්නයක් ඉතිරි කරමින් ටියුෂන් පංති ගුරුවරයෙකුත් ජීවිතේ නැතිකරගෙන.
සඳරුවන් ගමගේ නම්වූ ඔහු මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධිය හැදෑරූ අයෙක්.
සඳරුවන්ට ජීවිතේ නැතිකරගන්න තරම් තිබුණු ප්රශ්නය මොකක්ද කියන්න කවුරුත්ම දන්නේ නෑ.
කොහොම වුණත් මුහුණුපොතේ තැබූ සටහන්වලින් පෙනී යන්නේ ඔහු ප්‍රශ්නයකට මැදිවෙලා හිටියා කියලයි.
කොහොම වුණත් ආදරණීයයන්ගේ හදවත් කඳුලින් තෙත් කරමින් සඳරුවන් පසුගියදා අවසන් ගමන් ගියා.
