Gossip

”නරක විධියේ කමෙන්ට්ස් දාන්න අපිට කවදාවත්ම හිතෙන්නේ නැහැ. මොකක් හරි මානසික ආබාධයක් තියෙන නිසා ඔවුන් එහෙම හැසිරෙනවා” – සඳනි ප්‍රනාන්දු

සුරූපි නිරූපණ ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් ලෙස කාගෙත් ආදරය දිනාගත් සඳනි ප්‍රනාන්දු සමාජ මාධ්‍ය තුළත් නිතර කතාබහට ලක්වන චරිතයක්.

මේ දවස්වල කාලය ගත වන්නේ කොහොමද?

ඇත්තටම ඉතින් මේ දවස්වල නම් ටිකක් කාර්යබහුල වෙලා ඉන්නවා.

ඔබට සින්දු කියන්නත් පුළුවන් නේද?

සින්දු කියන්න යම්තාක් දුරකට පුළුවන් කියලා මං හිතනවා. ඇත්තටම ඉතින් සින්දුවක් නිර්මාණය කරන්න හෝ සංගීත ක්ෂේත්රයට සම්බන්ධ වෙනවා නම් ඒ පිළිබඳ හොඳ හැදෑරීමක් සහ අධ්‍යාපනයක් තිබිය යුතුයි. ඒ නිසා මං තවම ඒ පිළිබඳ හදාරමින් ඉන්නවා. අනාගතයේදී මගේම නිර්මාණයක් කරන්න අවස්ථාක් ලැබුණොත් කරනවා. ඉදිරියේදී බලමු ඉතින්.

කලා ක්ෂේත්රය තුළ සාර්ථකව රැඳෙන්න නම් හැදෑරීම කියන දේත් අවශ්යයි නේද?

ඇත්තටම ඔව්. රංගනය කියන්නේ අධ්‍යාපනය කරලා අවසන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එනිසා පොත පත කියවීම, චිත්‍රපට නැරැඹීම ආදී දේවල් සමඟම සෑම විටම යාවත්කාලීන විය යුතුයි. එනිසා මම ප්‍රවේදි සද්ධා මංගල මහතාගේ රංගන පාසල තුළ ප්‍රසන්න විතාන මහතා යටතේ 2016-2017 යන වර්ෂවලදී රංගනය පිළිබඳ පාඨමාලාවන් දෙකක් හැදෑරුවා.

සමහර අය කියනවා ඔබ ටිකක් ආඩම්බර කෙනෙක් කියලා. ඒ කතාව ඇත්තද?

ඇත්තටම මං ගොඩක් නිශ්ශබ්ද චරිතයක්. නමුත් මම එහෙම ආඩම්බර කෙනෙක් නෙවෙයි. මම හිතන්නේ ඒ නිසා තමයි ගොඩක් අය මම ආඩම්බරයි කියලා හිතනවා ඇත්තේ. මාත් එක්ක කෙනෙක් කතා කළොත් මං අනිවාර්යයෙන්ම කතා කරනවා.

බටහිර පෙනුමක් සහිත ඉතාම ලස්සන රූපයක් ඔබට ලැබිලා තියෙනවා. එම පෙනුම කොහොමද ලැබුණේ?

ඇත්තටම අම්මාගේ රූපය ගොඩක් දුරට මට ලැබිලා තියෙනවා. ඒ වගේම මගේ අම්මා ගොඩක් උස කෙනෙක් නෙමෙයි. ඉතින් උස සහ සමේ වර්ණය සහ මගෙ පෙනුම මේ සියල්ල මගේ අම්මා – තාත්තා දෙන්නාගේම එකතුවක් ලෙසින් මට ලැබිලා තියෙනවා කියලයි මට හිතන්නෙ.

රංගනයට පිවිසීමට එම පෙනුම හේතුවක් වුණාද?

ඔව්. මමත් එහෙම හිතනවා.

පවුලේ විස්තරත් කියමු?

මගේ උපන් ගම මාරවිල. මගේ පාසල මීගමුව දකුණ ජාත්යන්තර පාසල. මගේ අම්මා දැනට මාත් සමඟ ලංකාවේ ඉන්නවා. තාත්තා විදේශගත වෙලා තමයි ඉන්නේ. මගේ පවුලේ මං විතරයි ඉන්නේ. ඊට අමතරව මගේ ලොකු අම්මාගේ දුවයි – පුතයි ඉන්නවා. ඒ දෙන්නා තමයි මට මගේ අක්කා, අයියා වගේ ඉන්නේ.

ඔබ මේ වන විට පෙම්වතියක් නේද?

ඔව්. මම පෙම්වතියක්. ඔහුත් කලාවට සම්බන්ධ කෙනෙක්.

ඔහුගෙන් ලැබෙන සහයෝගය ගැන කතා කළොත්?

ඇත්තටම සංගීතය ඉගෙන ගන්න වැඩකටයුතුවලට සහ මගේ සියලුම අනිකුත් වැඩවලටත් ඔහුගෙන් ඉතා හොඳ සහයෝගයක් ලැබෙනවා.

සමාජ මාධ්‍ය තුළ උපහාසයට, විවේචනයට ලක්වීම හා එසේ හැසිරෙන අය ගැන ඔබේ මතය කුමක්ද?

සමාජ මාධ්‍ය ජාලා වැනි ප්‍රසිද්ය තුළදී ඇයි ඔවුන් එහෙම හැසිරෙන්නෙ කියලා ඇත්තටම මටත් තේරෙන් නැහැ. සමාජ මාධ්‍ය ජාලා තුළ අපි හැමෝමට දකින්න ලැබෙන ආකාරයට ඒ වගේ ඉතාම පහත් කමෙන්ට්ස් දැමීම හරිම වැරැදියි. මොකද අපිත් සමාජ මාධ්ය ජාලා භාවිත කරනවා. නමුත් එහෙම තවත් කෙනෙක්ට අපහාස වෙන ආකාරයට නරක විධියේ කමෙන්ට්ස් දාන්න අපිට කවදාවත්ම හිතෙන්නේ නැහැ. මොකක් හරි මානසික ආබාධයක් තියෙන නිසා ඔවුන් එහෙම හැසිරෙනවා වෙන්නත් පුළුවන්. නමුත් තවත් කෙනෙක්ට එහෙම මඩ ගහන්න හිතෙනවා නම් ඒ කෙනාට ලොකු ගැටලුවක් තියෙනවා සහ එවැනි අයට උදවු අවශ්‍ය වෙනවා කියලා තමයි කියන්න තිබෙන්නෙ

මව්බිම පුවත්පත..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!