තරු හුට පට

චෝදනා සනාථයි-සල්මන් අනාථයි

13 වසරකට ඉහතදී බීමත්ව රිය පදවා පදික වේදිකාවේ නිදාගෙන සිටි පස් දෙනෙකු යටකර එක් අයෙකු ජීවිතක්ෂයට පත් කළ බොලිවුඩ් සුපිරි රංගන ශිල්පියෙකු වන සල්මන් ඛාන් ට වසර 5ක සිරදඩුවම් හිමිව තිබේ.

2002 වසරේ සැප්තැම්බර් මාසයේදී මුම්බායි හිදී පදික වේදිකාවක නිදාහුන් පස් දෙනෙකු ඔහු විසින් පැදවූ මෝටර් රථයක හැපී තුවාල සිදුව ඇති අතර එයින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

වසර 13 ක් තිස්සේ ඊට අදාළ නඩු විභාගය පැවැත්වුණු අතර සල්මන් ඛාන් අධිකරණයට පවසා ඇත්තේ මෝටර් රථය පැදවූයේ තමන් නොවන බවයි.

එසේ වුවද එය සල්මන් ඛාන් විසින්  අදාළ මෝටර් රථය පැදවූ බව තහවුරු වී ඇතැයි ප්‍රකාශ කළ විනිසුරු ඔහුට දඬුවම් හිමිවිය යුතු බව නියෝග කර තිබේ.

බොලිවුඩ් හි චිත්‍රපට 80 කට පමණ රංගනයෙන් දායකවී ඇති ඔහු ඩාබෙන්ග්,රෙඩි,බොඩිගාර්ඩ්,එක් තා ටයිගර්,මෙනෙ ප්යාර් ක්යා,හම් අප් කී හෙයින් කූන් ආදී ජනප්‍රිය වානිජ චිත්‍රපට වල කැපී පෙනෙන රංගනයකට උරුමකම් කියන ලදී.

hjll

4 Comments

4 Comments

  1. fiverr.com/eebest8

    May 8, 2015 at 2:53 pm

    Im thankful for the blog.Really looking forward to read more. Really Great.

  2. gay sex anal

    May 10, 2015 at 8:25 am

    Im grateful for the article post.Thanks Again. Want more.

  3. stefanmuaythai.com

    May 10, 2015 at 12:37 pm

    Thank you ever so for you article. Really Great.

  4. go to my site

    May 11, 2015 at 3:37 pm

    This is one awesome blog.Really looking forward to read more. Much obliged.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!