මේ බිදී ඉරිතැලී ගිය දුරකථනය කාගේ ද?
එය “සාදියෝ මැනේ ” ගෙ බැව් කී විට ඔබ එය විශ්වාස කළ යුතු ය.
පහත බිදී ගිය දුරකතනයෙහි හිමිකරු වන ඔහු ලිවර්පූල් පාපන්දු කණ්ඩායම සමග මීලග වසර පහ සදහා ඇතිකරගත් ගිවිසුමෙහි වටිනාකම රුපියල් කෝටි 527.8 ක් බව දැන, එය හිමිහිට සිතට ධාරණය කරගත යුතුය.
දැන් ඒ දුරකතනය දෙස වරක් බලමු!
මෙම මිනිසාගේ සතියක වැටුප රුපියක් කෝටි දෙකකි. අහා! කෙතරම් සරළ මිනිසෙක් ද? ඔබ සිතනා බැව් දනිමි. නමුත් මෙහි ඊට එහා ගියා වූ කතාන්දරයක් ඇති බැව් ඔබ දන්නේ නැත.
ඒ නොදන්නා වූ මිනිසත්කමෙහි කතාන්දරය පිලිබද ඔහුගේ වචනයෙන් පැවසූව, අපූරු වසරක, දුක සැප අඩු වැඩිව කැන්දූ, පුදුමාකර වසරෙක අගිස්සෙහි හිද ලියා තබාම ඊට සමු දෙන්නට සිතමි.
සාදියෝ ගේ හඩින්,
“මට සුඛෝපභෝගී මෝටර් රථ දහයක්, දියමන්ති ඔරලෝසු විස්සක්, හෝ පුද්ගලික ගුවන් යානා දෙකක් අවැසි වන්නේ ඇයි? එවැනි වස්තු කන්දරාවක්, මට හෝ මා අවට ලෝකයට ඉටුකරන කාරිය කිම?
මම ඒ මුදලින් පාසල් ඉදිකලෙමි. උන් එහි අකුරු උගනිති. ක්‍රීඩාංගන ඉදිකලෙමි. මට වඩා මතුදිනෙක හැකි වන පොඩිවුන් එහි දැන් ක්‍රීඩා කරති. දරිද්‍රතාවයේ අත්‍යන්ත මිරිකීමෙන් තැවෙන සෙනගාලයේ ඇතැම් ගම්මාන වල හැම වැසියෙකුටම මසකට යුරෝ හැත්තෑවක් ලැබෙන පරිද්දෙන් මා ලබන වැටුප මම විසුරුවා හැරියෙමි. ඉන්, උන් වැහැරිලි උනා දමා අලුත් ඇදුම් අදිති. කුස පිරෙන අහර කති. පොත් පත් ගනිති. ස්වයං රැකියා කරති. අවසානයේ ඉන්, ඔවුහූ සමස්ථ සෙන්ගාල් ආර්ථිකයම පැතිකඩකින් ඔසවා ගන්නට වෙර ගනිති.
සුඛෝපභෝගී මෝටර් රථ දහයක්, මසකට වරක් මිලාධික නිවාඩු නිකේතන ගමනාන්තයක්, මිලෙන් ඔපවත් කල නිවෙසක් හෝ පුද්ගලික ගුවන් යානා දෙක තුනක් එහෙයින් මට අවැසි නැත.
ඒ වෙනුවට, ජීවිතය මට උපයා දුන්නෙන් කොටසක් මම මගේම මිනිසුන්ට ලැබෙන්නට සකස් කර දෙමි.
දැන් නම් අළුත් දුරකතනයක් අවැසිය. ඊළග මසෙහි වැටුපෙන් කොටසක් මම ඊට වෙන් කරගතිමි”
සාදියෝ සිනාවක් මුවග රන්දා මාධ්‍යවේදීයාට සමුදුණි!
ඡායාරූප කිහිපයක් පහතින්..