ඉන්දීය සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර් යතුරුපැදියක ගමන් ගත් තරුණයින් දෙදෙනෙකුට ලබාදුන් අවවාදයක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පසුගියදා ආරම්භ වූ IPL තරගාවලියේ සමාරම්භක උත්සවයට සහභාගී වීමට යන අවස්ථාවේදී මෙම සිදුවීම සිදුව තිබෙනවා.
සචින් තම මෝටර් රථය තුල සිටියදී යතුරු පැදියකින් පැමිණි තරුණයින් දෙදෙනෙකු තමන් සමඟ සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටීමට සචින් හට ආරාධනාකර තිබෙනවා.
එම අවස්ථාවේදී යතුරු පැදියෙන් පැමිණි අදාල තරුණයින් දෙදෙනා ආරක්ෂිත හිස් වැසුම් පැළද නොසිටි නිසා ටෙන්ඩුල්කාර් එම අවස්ථාවේදී අදාල තරුණයින් දෙදෙනාට පවසා ඇත්තේ යතුරුපැදි ධාවනයේදී ආරක්ෂිත හිස් වැසුම් පැළද ධාවනයේ යෙදෙන ලෙසයි.
එම උපදෙසත් සමඟ සචින් ටෙන්ඩුල්කාර් තරුණයින් දෙදෙනා සමඟ සෙල්ෆි ඡායාරූපයටද පෙනී සිටි ඇති බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාව පහතින්.
