ප්‍රවීණ රංගන ශිල්පිනී සබීතා පෙරේරා මහත්මිය පසුගිය සිව්වසර තුළ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ සොයන ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව හමුවට අද කැඳවා තිබෙනවා.
ඒ, කෘෂිකර්ම අමාත්‍යාංශයට කුලි පදනම මත බත්තරමුල්ලේ පිහිටි පෞද්ගලික ගොඩනැගිල්ල ලබා ගැනීම සම්බන්ධ විමර්ශනයට අදාළව වන අතර එම ගොඩනැගිල්ල බදු දීම සම්බන්ධයෙන් සිදුව ඇතැයි කියන මූල්‍ය අක්රමිකතාව පිළිබඳව මේ වන විට කොමිසම හමුවේ පරීක්ෂණයක් ක්‍රියාත්මක අතර සබීතා පෙරේරා මහත්මිය අද කොමිසම හමුවේ එම ගොඩනැගිල්ලේ අයිතිකාර පාර්ශවය නියෝජනය කරමින් ප්‍රකාශයක් ලබාදීමට නියමිත බවයි වාර්තා වන්නේ.
අදාළ ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රුපියල් මිලියන 21 ක මාසික කුලියකට ලබා ගන්නා අවස්ථාවේදී අයිතිකාර පාර්ශවය වෙනුවෙන් එම ගිවිසුමට අත්සන් තැබූ අයෙකු ලෙස වාර්තා වන්නේ සබීතා පෙරේරා මහත්මියයි.
