Gossip

“හැමදේම වෙනස් වෙන ලෝකේ ආදරයත් වෙනස් වෙන්න පුළුවන්. ඕනම දේකදි මට ඇයව තමයි මතක් වෙන්නේ. කාටවත් බරක් නොවී ජීවත් වෙන්නයි බලාපොරොත්තුව” – Exclusive

සාරංග දිසාසේකර කියන්නේ රසික ආදරය නොඅඬුව ලබන ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පියෙක්.
විවිධ චරිතවලට සිය රංගන හැකියාවෙන් උපරිම සාධාරණයක් කරන සාරංග මේ දවස්වල මොනවද කරන්නේ..?
ඒ ගැනත් රට ගැනත් සාරංගගේ අලුත්ම තොරතුරු කිහිපයකුත් ඔහු අපිට මේ විදිහට හෙළි කළා.

මේ දවස්වල කොහොමද ජීවිතේ ගෙවෙන්නේ…?
මේ දවස්වල වේදිකා නාට්‍යයකට සූදානම් වෙනවා. පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක් කියන වේදිකා නාට්‍යය. අගෝස්තු 11 වැනිදා පුංචි තියටර් එකේ දර්ශන වාර දෙකක් තියෙනවා.
ඒක තමයි මේ දවස්වල පුහුණුවීම් කටයුතු කෙරීගන යන්නේ.. ඒ වගේම අලුත් ටෙලි නාට්‍ය දෙකක වැඩ පටන් ගත්තා. තාම නමක් නැහැ.. වෙනස් විදිහේ චරිතයක් එක්ක ළඟකදි දැකගන්න පුළුවන් වෙයි ඒ ටෙලි නාට්‍ය හරහා.

කලාකරුවට අද සමාජයේ තියෙන පිළි ගැනීම ගැන මොකද හිතන්නේ..?
කලාව කියන එක ලොකු පරායක දිවෙනවා. නළු නිළියෝ වෙන්න පුළුවන්.. ගායක ගායිකාවෝ වෙන්න පුළුවන්. නාට්‍ය, මූර්ති කැටයම් එහෙමත් නැත්නම් අධ්‍යක්ෂකවරු වෙන්න පුළුවන්. කලාව කියන්නේ ලොකූ මාධ්‍යක්.. කලාවට ආදරය කරන පිරිසක් සහ එහෙම අය අතරේ පිළිගැනීමක් තියෙනවා. කොයි ක්ෂේත්‍රවලත් හොදින් වෘත්තීය මට්ටමින් වැඩ කරගෙන යන කලාකරුවන්ට හොඳ පිළිගැනීමක් ලංකාවේ තියෙනවා. විදෙස් රටවල ඉන්න ලාංකිකයෝ අතරත් පිළිගැනීමක් තියෙනවා. සමහර චරිත තියෙනවා පිළිගැනීමකට හෝ අවමානයකට ලක්වෙන චරිත. හරියටම උත්තරයක් දෙන්න අමාරුයි.

සල්ලි කියන දේ අද මිනිස්සුන්ගේ ජීවිත වෙලා.. ඒ නිසා මනුස්සකම නැතිවෙලා ගිහින් මේ ගැන ඔබ හිතන්නේ කොහොමද..?
ඒක ඇවිල්ලා මට හිතෙන විදිහට මේ සිස්ටම් එකේම ප්‍රශ්නයක්. මිනිස්සු කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඒකට තල්ලු වෙලා තියෙනවා කියලයි මට හිතෙන්නේ. මේක ලංකාවේ විතරක් තියෙන දෙයක් නෙවෙයි. පිටරටවලත් තියෙන දෙයක්.
මිනිස්සු අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. රැකියා දෙක තුනක් කරලා බදු මුදල් ගෙවලා එහෙම තමයි ඉතිං ජීවත් වෙන්නේ.
නමුත් අනිත් රටවල තියෙන වෙනස ඒ ගෙවන බදුමුදලට තමන්ට දැනෙන විදිහේ නැවත යමක් ලැබෙනවා ඒ රජයන් විසින්. නමුත් ලංකාවේ ඒ තත්ත්වය වෙනස්. ඉතිං ඒ මිනිස්සුන්ගේ ජීවන තත්ත්ව නගා සිටවන්න යමක් කරනවානම් මිනිස්සු මේ තරම් සල්ලි මත්තේ නැහිලා වැඩ කරන්න වෙයි කියලා මම හිතන්නේ නෑ.. රටේ නායකත්වයට සහ පාලනයට වගකීමක් තියෙනවා එවැනි තත්ත්වයක් රටේ ඇතිකරන්න. එතකොට මුදල් පස්සේ හඹායන්නේ නැති සමාජයක් අපිට දකින්න පුළුවන් වෙයි.

කලා නිර්මාණයකට දායක වෙන්න කළින් ඔබ මොනවද බලන්නේ..?
සමස්ත නිර්මාණයම මට දැනෙනවද කියන එක මම බලනවා. අපි මිනිස්සුත් එක්කනේ වැඩ කරන්නේ.. කණ්ඩායමක් එක්ක කරන වැඩක්. ඉතිං මට පහසුවෙන් වැඩ කරන්න පුළුවන් පිරිසක්ද ඉන්නේ කියලා බලනවා. මම චරිතයක් නිරූපණය කරන දෙයක්නම් මට සමාජයට දෙයක් දෙන්න පුළුවන්ද මට තෘප්තිමත් වෙන්න පුළුවන්ද කියන එකත් මම බලනවා.

කාටද මේ ලෝකේ වැඩිපුරම ආදරේ කරන්නේ..?
මේ ලෝකේ මම වැඩිපුරම ආදරේ කරන්නේ මට.

ආදරේ කියන්නෙත් වෙනස් වෙන දෙයක් නේද..?
ආදරේ කියන්නේ වෙනස් වෙන දෙයක් වෙන්න පුළුවන්. හැමදේම වෙනස් වෙන ලෝකේ ආදරයත් වෙනස් වෙන්න පුළුවන්.

මේ රටට අවශ්‍ය මොන වගේ නායකයෙක්ද..?
රටට අවශ්‍ය රටට ආදරය කරන නායකයෙක්. ඒ කියන්නේ තමන්ගේ මොන මොන න්‍යාය තිබ්බත් අංක එකට තියෙන්න ඕනේ රට ගැන හිතන නායකත්වයක්. තමන්ගේ පෞද්ගලික කාරණා හෝ තමන්ගේ වටේ ඉන්න අය ගැන හිතන කෙනෙක් නෙවෙයි රට ගැන හිතන නායකයෙක් තමයි ඕනේ. තවම අපේ නායකයන්ට තේරෙන්නේ නැත්තේ ඇයි කියන මේ දේ.. අපේ රටට අවංකව අවුරුදු හතරක් පහක් සේවය කළානම් ගසාකෑම් රට විකුණන ඒවා පැත්තකින් තියලා.
අංවකම රටට සේවය කළොත් මිනිසුස්නට දැනෙන්න ඒ කෙනාව ජීවිතාත්නය දක්වාම මේ රටේ නායකයා විදිහට මිනිස්සු තියාගනීවි.
ඒ තරම් මිනිස්සු තුල ආදරය ඇතිවෙන විදිහට වැඩ කළොත් ව්‍යවස්ථාව වෙනස් කරලා හරි මිනිස්සු ඒ නායකයාව හැමදාම බලයේ තියාගනීවි.
එහෙම කෙනෙක් ඕන වෙන්නේ මේ රටට.
මම කියන්නේ ඇත්තටම රටට ආදරය කරන කෙනකේ ඇවිත් මේ රට කණපිට හරවන්න පුළුවන් විදිහට වෙනස් කරලා මිනිස්සුන්ට සුබදායී දෙයක් කරන්න පුළුවන්නම් ජනතාව එකතු වෙලා අනිවාර්යෙන්ම ඒ පුද්ගලයාව මිනිස්සු ආරක්ෂා කරයි.
පස්සේ එන අය වුණත් ඒ වගේ නායකත්වයක් බලාපොරොත්තු වෙයි. ඇයි මේ රටේ අයට ඒක තේරුම්ගන්න බැරි. ඇයි අවුරුදු හතරක් පහක් රට වෙනුවෙන් කැපවෙලා කරන්න බැරි කියන ප්‍රශ්නය මට තියෙනවා.

රට වෙනුවෙන් දෙයක් කරන්න ඉස්සරහට එන්න අදහසක් නැද්ද..?
මෙහෙමයි දේශපාලනිකව ඒ වගේ තැනකට ඒ කියන්නේ ජනාධිපති හෝ වේවා වෙන තැනකට එන එක ලොකු පිම්මක්.. මම හිතනවා මගේ වයසත් එක්ක සහ මම ඉන්න ක්ෂේත්‍රයත් එක්ක මට දේශපාලනය කරන්න බෑ.. ඒක මගේ ලේවල නැති දෙයක්. මගේ ඇගේ නැති දෙයක්.
මට දේශපාලනයට ඇවිත් රට වෙනස් කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නෑ..
ඉතිං වෙන පැත්තකින් කලාකරුවෙක් විදිහට මට යමක් කරන්න පුළුවන්නම් සාමාන්‍ය පුරවැසියෙක් විදිහට රටට දෙයක් කරන්න පුළුවන්නම් ඒ පැත්තෙන් කරන්න පුළුවන් උපරිම දේ මම කරනවා.
මගේ තියෙන දක්ෂතාව හෝ කුසලතාව හරහා රටට වැඩ කරන්න මට ආරාධනා කළොත් මට එහෙම දෙයක් කරන්න පුළුවන්.
සක්‍රීය දේශපාලනයට එන්නේ නෑ.
හැබැයි ඉදිරියේදි බොහොම පැහැදීමකින් විශ්වාස කරන්න පුළුවන් නායකයෙක් ආවොත් ඒ ඇවිත් ආරාධනා කළොත් මම විතරක් නෙවෙයි මේ රටේ දේශපාලනය තිත්ත වෙලා තියෙන හුගක් අය රට වෙනුවෙන් දේශපාලනයට එකතු වෙන්නත් ඉඩ තියෙනවා.
නායකත්වයටයි ලොකු වගකීමක් තියෙන්නේ.

ජීවිතේ ප්‍රශ්නයකදි, දුකකදි කරදයකදි කාවද ඉස්සෙල්ලම මතක් වෙන්නේ..?
මට සමීපවම මගේ හැම ප්‍රශ්නයක්ම බෙදාගන්න නොවෙනස්ව කෙනෙක් හිටියනම් ඒ මගේ අම්මා.. ඕනම දේකදි මට ඇයව තමයි මතක් වෙන්නේ.. මම අම්මට තමයි කතා කරන්නේ.

මොනවද ඉදිරි බලාපොරොත්තු..?
කාටත් බරක් නැතිව ජීවත් වෙන්න බලාපොරොත්තුව.
කලාව පැත්තෙන් එකිනෙකට වෙනස් චරිත හොයාගෙන යන්න කෑදරකමක් ආසාවක් තියෙනවා.
අනාගතයේදී කලාකරුවෙක් විදිහට වයසට යද්දි කාටවත් බරක් නොවී ජීවත් වෙන්න තියෙනවානම් ඒක තමයි බලාපෙරොත්තුව.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!