නිව් ජර්සි නගරයේ මහා පාර මැද මරණාසන්නව බිම ඇඳවැටි සිටි 25 හැවිරිදි තරුණියක්ව බේරා ගැනීමට පුද්ගලයින් දෙදෙනෙකුට හැකි වෙලා තියෙනවා.
බිම ඇඳ වැටි සිටි ඇයව දුටු ඒ පුද්ගලයින් දෙදෙනා වහාම දිව ඇවිත් ඇයට කෘතීම ශ්වසනය ලබා දීලා තියෙනවා. ඔහුන් රෝහල් හදිසි ඇමතුම් අංකයටත් අමතලා. ගිලන් රථය එනකන් තමා මේ දෙන්නා ඇයට කෘතීම ශ්වසනය ලබා දෙමින් ජීවිතය බේරගන්න උත්සහා කරලා තියෙන්නේ. කොහොම හරි මේ තරුණියගේ ජීවිතය බේරිලා.
මේ විදියට අර පුද්ගලයින් දෙදෙනා උදව් කරන එක “යු ටියුබ්” එකේ ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මේ වීඩියෝ එක ගැන එක එක කතා මැවෙනවා. මොකද ඒ වීඩියෝ එකේ තියෙන විදියට පාරේ වැටිලා හිටපු ඇයව රැගෙන යන්න එන්නේ ගිලන් රථයක් නෙවේ පොලිසිය නිසා. මොකද ඇය මහා පාර මැද එහෙම වැටිලා තියෙන්නේ හෙරොයින් පානය කරපු නිසා. මේක තමා ඇත්ත සිදුවීම..
“කෙලි මයේ” කියන මේ තරුණිය එක් දරු මවක්. අවුරුදු 8ක දියණියක් ඇයට ඉන්නවා. ඇය ඉල්ලීමක් කරනවා තමන් කළ වැරැද්ද තේරුම් ගත්ත නිසා පුළුවන් නම් ඒ වීඩියෝඑක මකා දමන්න කියලා. ඒ තමන්ගේ දරුවාගේ අනාගතය වෙනුවෙන්.
මේ තියෙන්නේ ඒ වීඩියෝ එක…
