ගායිකාවක්ල හඬ ශිල්පිනියක් යන නිර්වචනයෙන් ඔබ්බට රිහනාව හඳුන්වන්නට පුළුවන් වන්නේ මුළු ශරීරයම චිත්ර පොතක් කරගත් සුරූපිණියක් හැටියටයි.
කලින් කල තැනින් තැන කොටාගත් පච්ච රූපවල මුළු එකතුව 21 ක් බව රිහානා පසුගියදා හෙළිදරව් කළා.
“මගේ ජීවිතේ ලොකුම විනෝදාංශය ටැටූ ෂොප්වල රස්තියාදු වෙන එකයි. සමහර වෙලාවට මම මගේ යාළුවෝ එක්ක ඒ ගමන් යනවා. එහෙම නැත්නම් තනියම ගිහින් පච්චයක් කොටාගෙන එනවා.රිහනා ද ඉන්ටර්වීව් සඟරාවට සමඟ ඒ අදහස කියා තිබුණා.
වයස අවුරුදු 16 දී රිහන්නා පළමු පච්චය කොටාගෙන තිබුණේ දකුණු පාදයේ වළලුකර අසලයි. ඒ බටහිර සංගීතයේ ස්වරයක සලකුණක්. අනතුරුව පාදයේ ඊජිප්තු
උකුස්සකුගේ රූපයක් කොටාගෙන තිබුණා. තවත් ටික කලකදී පාදය පිටුපස මිනී ඔළුවක ලකුණකුත්. දකුණු අතේ මැණික් කටුව ළඟ මකරකුගේ රූපයකුත් කොටාගෙන තිබුණා.
රිහානාගේ ශරීරයේ ඇති පච්ච පහතින් බලන්න.
