පබසරා මාතර අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි තරුණියකි. වයස අවුරුදු 19කි. එම ප්‍රදේශයේම පාසලක අධ්‍යාපනය ලැබූ ඇය උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් හදාරමින් සිටියාය. කුඩා කල සිටම ඇය අධ්‍යාපන කටයුතු වලට විශේෂ දක්ෂතාවක් දැක්වූවාය.
අපොස සාමාන්‍ය පෙළ උසස් ලෙස සමත් වූ ඇය ජීව විද්‍යාව හැදෑරුවේ අනාගතයේදී වෛද්‍යවරියක වීමට සිතාගෙනයි.
එමෙන්ම ඇය ලස්සන තරුණියකි. වටකුරු මුහුණේ නිරතුරුවම රැඳුණ සිනහව, දිගටි නෙත් සඟල, දිගු වරලස සහ රන්වන් පාටට හුරු සිහින් සිරුර ඇගේ රූමත් බව තවත් ඔප් නැංවූවාය. කොටින්ම කියතොත් ඇය මිහිපිට සිටිනා සුරංගනාවියක් බඳු වූවාය.
ලස්සන නිසාමදෝ විවිධ ආකාරයේ තරුණයෝ ඇයගේ ආදරය පැතූහ. එහෙත් ඒ කිසිම තරුණයෙකුට ඇයගේ සිත දිනාගැනීමට නොහැකි විය. ඒ ඇය ආදරයට වඩා අධ්‍යාපන කටයුතු වලට මුල්තැන දී සිටි නිසාය.
පබසරා එසේ වුවත් ඇයගේ යෙහෙළියන් නම් එසේ නොවුණා ය. ඔවුහු සියලූ දෙනාට පාහේ පෙම්වතුන් සිටියහ. එම මිතුරියන් නිතරම ඇයට පැවසුවේ ‘‘උඹත් කොල්ලෙක් එක්ක යාළු වෙලා බලපන් ඒක කොච්චර සුන්දරද කියලා. දැන් ලව් නොකර වයසට ගිහිල්ලා කරන්නද. ඉගෙන ගන්න අතරේ ලව් කරන්නත් පුළුවන්. ඒක නිසා හොඳ කොල්ලෙක් හොයාගෙන පොඞ්ඩක් ලව් කරපන්.”
කලක් යද්දී මිතුරියන් නිතරම පවසන එම දෙය ඇයට මානසික වදයක් වී තිබුණාය. එම නිසා ඇයත් මෙලෙස කල්පනා කළාය.
‘‘යාළුවෝ කියන කතාවත් ඇත්ත. ඔය ඕන තරම් කෙල්ලෝ ලව් කරලා කැම්පස් යන්නේ. මේ කාලේ ලව් නොකර ආයි කවදා ලව් කරන්නද. ඉගෙනගන්න පුළුවන් හොඳ කොල්ලෙක් හොයාගන්න ඕනා ජීවිත කාලයටම ළඟ තියාගන්න.”
නයන එම ප්‍රදේශයේම පදිංචි තරුණයෙකි. වයස අවුරුදු 19කි. ඉගෙනීමට දක්ෂතාවක් දැක් වූ ඔහු උසස් පෙළ ගණිත අංශයෙන් හැදෑරුවේය.
නයන සහ පබසරා පාසල් අධ්‍යාපනයට අමතරව පෞද්ගලික උපකාරක පන්ති සඳහා ද සහභාගි වූහ. ඒ මාතර නගරයේය. එලෙස පෞද්ගලික පන්ති යන අවස්ථාවකදී දෙදෙනා දැන හඳුනගත්හ.
නයන පබසරාට විශේෂ ලෙන්ගතුකමක් දැක්වූයේය. ඔහු නිතරම ‘‘මැය මගේ කරගන්නට ඇත්නම් කොතරම් අගනේද” කියා සිතුවේය. ළඟින්ම ඇසුරු කළ තම මිතුරන්ට ද ඔහු ඒ බව පැවසුවේය.
‘‘තවත් මෙහෙම ඉවසන්න බැහැ. පබසරා වෙන කාට හරි කැමති වෙන්න ඉස්සෙල්ලා මගේ කරගන්න ඕනා. ඒක නිසා ඉක්මනටම මගේ සිතේ තියෙන දේ ඇයට පවසන්න ඕනා.” දිනක් නයන එලෙස සිතුවේය. එදින සෙනසුරාදා දිනයකි.
සහභාගිවන උපකාරක පන්තියට පබසරාද පැමිණෙන දිනයකි. ‘‘අනිවාර්යෙන් අද මගේ සිතේ තිබෙන ආදරය ඇයට ප්‍රකාශ කළ යුතුයි.” නයන එලෙස සිතා ගත්තේය. සුපුරුදු පරිදි උපකාරක පන්තිය අවසන් වී සැවොම නිවෙස් බලා යෑමට පිටත් වූහ. ඒ අතර පබසරා ළඟට ගොස් නයන මෙලෙස පැවසුවේය.
‘‘පබසරා මට ඔයාව පොඞ්ඩක් හම්බ වෙන්න ඕනා.”
‘‘ඇයි මොකටද නයන.”
‘‘ඒක පෞද්ගලික දෙයක් ඔයයි මායි දැන ගත්තාම ඇති.”
‘‘ඉතින් දැන් කියන්නකො.”
‘‘එහෙම බැහැ පබසරා ඒක පෞද්ගලික දෙයක් අපි දෙන්නා වෙනම ගිහින් එක කතා කරමු.”
සිදු වන්න යන්නේ කුමක්ද කියා ඇයට හොඳින් තේරුණාය. කලක සිට නයන තමන් ගැන විමසිල්ලෙන් සිටින බව ඇය හොඳින් දැන සිටියාය. යෙහෙළියන් පවා ඇයට එබව පැවසුවාය. ඒ වන විට ඇයද සිටියේ පෙම්වතියක් වීමට සිහින මවමින්ය. කුමක් වුවත් කමක් නැහැ නයනව අද වෙනම මුණගැසෙනවා. ක්ෂණිකව එලෙස සිතමින් ඇය නයනට මෙලෙස පැවසුවාය.
‘‘හරි ඔයා එහෙනම් බස් ස්ටෑන්ඞ් එක ළඟට එන්න මම එතනට එන්නම්.”
ඒ අනුව දෙදෙනා මාතර බස් නැවතුම්පළ අසල දී මුණ ගැසුණහ. එහිදී නයන තම සිතේ තිබෙන ආදරය පබසරාට ප්‍රකාශ කළේය. ඇයගේ සිතේ ද නයන ගැන පැහැදිලි චිත්‍රයක් ඇඳී තිබුණාය. එම නිසා ඇය නයනගේ ආදරය හදවතින්ම පිළිගත්තාය.
එතැන් සිට දෙදෙනාම පෙම්වතුන් බවට පත්වූහ. එලෙස ඔවුහු ලොවට හොරෙන් රහසේ ආදරය කළහ. එහෙත් කිසිවක් සැමදා සඟවා තබා ගත නොහැකිය. ඒ අනුව කලක් යද්දී ඔහු නොවූන්ගේ හිත මිතුරන්ට මෙම ආදර සම්බන්ධතාව ප්‍රසිද්ධ රහසක් බවට පත් වූහ.
කාලය එලෙසින් ගෙවී ගියේය. ඒ අතර කොරෝනා දෙවැනි රැල්ල රට පුරාම ව්‍යාප්ත විය. එහි අනිසි ප්‍රතිඵලයක් ලෙස පාසල් සහ පෞද්ගලික උපකාර පන්ති ද නවතා දැමුවේය. එම නිසා නයනට සහ පබසරාටද නිවසට වී සිටීමට සිදු වූහ.
දැන් වෙනදා මෙන් ඔවුනට මුණගැසීමට නොහැකිය. එම නිසා නයන සිටියේ විශාල කනස්සල්ලකින්ය. ඒ අතර ඉගෙනීම් කටයුතු සිදු කළේ අන්තර්ජාලය හරහා ඔන්ලයින් ක්‍රමයටයි. එම නිසා දෙදෙනා අතර ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන තිබුණි. එලෙස ඉගෙනීමට අමතරව රාත්‍රී කාලයේ දී පැය ගණන් එම දෙදෙනා ජංගම දුරකථන හරහා ආදර බස් දෙඩූහ.
දිනක් නයන පබසරාට මෙලෙස පැවසුවේය.
‘‘අනේ බබා දැන් මාස ගාණකින් අපි මුණගැසුණේ නැහැ. ඒක නිසා මට ඔයාගේ පින්තූර දෙක තුනක් එවන්න ළඟ තියාගන්න.”
‘‘ඇයි ඔයාගේ ෆෝන් එකේ තියෙන්නෙ ඕන තරම් මගේ පින්තූර.”
‘‘මේ පිංතූර නොවෙයි මම කිව්වේ ඔයාගේ නිරුවත් පිංතූර ටිකක් .”
‘‘ඔයාට පිස්සු ද බබා මටනම් බැහැ එක කරන්න.”
‘‘එහෙම කියන්න එපා පණ. ඔයා මගේනේ. එනිසා ඕවා අයිති මට. මට දැන් පිස්සු ඔයාව දකින්න නැතිව ඉඳලා ඒක නිසා නිරුවත් පින්තූර ටිකක් එවන්න.”
‘‘අනේ මට බයයි. අපි ඉක්මනට මුණ ගැහෙමු. එදාට මං දවසම ඔයත් එක්ක ඉන්නම්. එදාට ඇතිතාක් මාව බලාගන්න.”
‘‘එදාට කොහොමත් බලාගන්නවා. මට දැන් බලාගන්න එවන්න. ඔයාට මාව විශ්වාස නැද්ද? මගේ ආදරේ දැනෙන්නේ නැද්ද?.”
‘‘ඔයාගේ ආදරේ හොඳට දැනෙනවා දෙයියො. ඒත් මම කොහොමද එහෙම දෙයක් කරන්නේ. මට බයයි.”
‘‘බයවෙන්න එපා ඒවා කාටවත් පෙන්නන්නේ නැහැ මගේ විතරයි. මට ඒවා බලාගෙන නිදා ගන්න ඕන එතකොට ඔයා ළඟ ඉන්නවා වගේ මට දැනෙන්නේ.”
‘‘අනේ මන්දා බබා. ඔයාගේ කැමැත්තක්.”
ඒ අනුව ඇය විවිධ ඉරියව්වලින් ඉන්න තමන්ගේ නිරුවත් ඡායාරූප රැසක් තම ජංගම දුරකථනයෙන් රැගෙන පෙම්වතාට වට්ස්ඇප් හරහා යැව්වාය. එතැන් සිට සෑම දිනකම රාත්‍රි කාලයේදී එම දෙදෙනා නිරුවත් වීඩියෝ කෝල් පවා ගත්හ.
සති කිහිපයක් එලෙස ගත විය. එම ප්‍රදේශයේ කොරෝනා තත්ත්වය තුරන් වී තිබුණත් පබසරාට නිවසින් පිටවී යෑමට දෙමව්පියෝ ඉඩ නොදුන්නහ. නිවසේ ඉන්න බැරි තැන අය ඥාති නිවෙස් වලට යෑමට පුරුදු වූවාය.
ඒ අතර නයන පැවසුවේ කෙලෙස හෝ නිවසින් පිටවී තමා මුණ ගැසීමට පැමිණෙන ලෙසයි. එහෙත් ඇය එම කීමට අකැමැති වූවාය. ඒ නිවසියන්ට පිටුපෑමට නොහැකි නිසාය. කොතරම් පැහැදිලි කර කීවත් නයන එය පිළිගත්තේ නැත. අවසානයේ නයන ඇයට පරුෂ වචන කියමින් බැණ වැදීමට පවා පටන් ගත්තේය.
‘‘මේක හරියන්නෑ. මම ආදරය කරලා තියෙන්නේ හිතක් පපුවක් නැති කෙනෙකුටනේ. මෙයාට කියන දෙයක් තේරෙන්නෙ නෑනෙ. මෙහෙම ගියොත් ඉස්සරහට මොනවා වෙයිද කියලා හිතාගන්න බෑ. ඒ බව තේරුම් කරලා දීලා මෙයාව හදාගන්න බැරිනම් සම්බන්ධය නවත්තලා දාන්න ඕනා.” දිනක් ඇය එලෙස සිතුවාය.
ඒ අනුව දිනක් ඇය දුරකථන ඇමතුමක් ලබාදී සියලූ දෙය ඔහුට තේරුම් කර දීමට උත්සාහ කළාය. එහෙත් ඔහු ඒ කිසිවක් පිළිගත්තේ නැත. නිවැසියන්ට විරුද්ධ වී හෝ තමා මුණ ගැසීමට පැමිණි ලෙස පැවසුවේය. ඇය එයට අකැමැති වූවාය. ඉන් පසු නයන හැසිරුණේ තිරිසනකු ලෙසින්ය. නයන ඇයව බිය වැද්දුවේ තමන් කියන දේ නොකළොත් තමා ළඟ තියෙන නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට දමන බව පවසමින්ය. එහෙත් ඇය එම තර්ජන වලට බිය වූයේ නැත. තම පෙම්වතා කිසි දිනකත් එවැනි දෙයක් සිදු කරාවි යැයි හීනෙකින්වත් ඇය නොසිතුවාය. ඒ අතර පබසරා ක්‍රම ක්‍රමයෙන් නයනව අමතක කිරීමට උත්සාහ කළාය.
නයනට ද ඒ බව හොඳින් දැනුනාය. ‘‘මම ඕකිට හොඳ පාඩමක් උගන්වන්නම්. එකී දන්නේ නෑ නයන කියන්නේ කවුද කියලා.” ලෙස සිතු නයන ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් සෑදුවේය. එලෙස සාදා තම පෙම්වතියගේ නිරුවත් ඡායාරූප එහි පළ කළේය. එතැනින් නොනැවතුණු ඔහු තම වට්ස්ඇප් ගිණුම හරහා ද ඇයගේ නිරුවත් ඡායාරූප පළ කරමින් මැය සමග නිදා ගැනීමට කැමති නම් පහත අංකයට අමතන්න යැයි පවසමින් ඇයගේ ජංගම දුරකථන අංකය ද යොදා විවිධාකාරයේ පෝස්ට් හදමින් හුවමාරු කළේය. ජංගම දුරකථන අංකය සඳහන් කර ඇයගේ නිරුවත් ඡායාරූප එලෙස පළකිරීමත් සමගම ඇයගේ ජංගම දුරකථනයට දිනපතාම පාහේ විවිධ තරුණයෝ ඇමතුම් ලබා දුන්හ. එලෙස ලබා දී විමසුවේ ‘‘ඇය සමඟ නිදා ගැනීමට කොපමණ මුදලක් අය කරනවාද යන්නයි.” එලෙස ඇසීමෙන් එක්වරම ඇය පුදුමයට පත් වූවාය. මෙවැනි දෙයක් සිදු වන්නේ කෙලෙසදැයි ඇය දසඅතේ කල්පනා කළාය.
පසුව ඇයට තම පෙම්වතා කළ තර්ජන මතක් වූවාය. ඒ අනුව ඇය ඔහුගෙන් ඒ පිළිබඳව විමසුවාය. එවිට එම නරුම පෙම්වතා තමා කළ සියලූ දෑ ඇයට පැවසුවාය. එතනින් නොනැවතුණු ඔහු ඇයගේ නිරුවත් ඡායාරූප භාවිතා කරමින් සෑදූ සියලූම විස්තර ඇයගේ ජංගම දුරකථනයට වට්ස්ඇප් හරහා ලැබීමට සැලැස්සුවේය.
එම පින්තූර දැකීමෙන් ඇය මහත් සේ කම්පාවටත්, දුකටත් පත් වූවාය. අනන්ත වාරයක් සියදිවි නසා ගැනීමට තරම් සිතුනාය. එහෙත් අවසානයේ ඇය සියල්ල ඉවසුවාය.
‘‘මෙවැනි නරුමයන්ට ලේසියෙන් පැන යන්න දෙන්න නරකයි. නීතියෙන් දඬුවම් ලබා දිය යුතුයි. නැතිනම් මෙවැනි තිරිසනුන් තවත් තරුණියන්ට මේ වගේ අපරාධ කරනවා. ඒක නිසා මම මෙයාව අතාරින්නේ නෑ.” එලෙස සිතූ ඇය තමන්ට සිදු වූ සියල්ල අකුරක් නෑර තම සහෝදරයාට පැවසුවාය.