ඔක්කම්පිටිය පොලිස් බල ප්රදේශයේ මිණිපුරගම ප්රදේශයේ පදිංචි වයස අවුරුදු විසිහතරක එක් දරු මවක් පසුගිය (27) පස්වරුවේ දී දූෂණය කල සැකකරුවෙකු ඔක්කම්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ සැකකරු විසින් අදාල විවාහක කාන්තාවට අවස්ථා කිහිපයකදී අනියම් සම්බන්ධතාවක් සදහා ඇරයුම් කර ඇති අතර පසුව එම කාන්තාව එයට අකමැති වීම නිසා ඊයේ දහවල් කාන්තාවගේ නිවසටම පැමිණ ඇයව දූෂණය කර ඇත.
සිද්ධිය සිදු වන අවස්ථාවේ දී කාන්තාව සහ දරුවා පමනක් නිවසේ සිට ඇති අතර නිවසට පැමිණි මෙම අපරාධය සිදු කර ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.
සිද්ධියට සම්බන්ධ සැකකරු ඔක්කම්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මාලිගාවිල ප්රදේශයේ පදිංචි වයස අවුරුදු තිස් හතරක පුද්ගලයකු බව ඔක්කම්පිටිය පොලිසිය පැවසීය.
සැකකරු අද දින වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ඔක්කම්පිටිය පොලිසිය විසින් සිදු කරයි.
