කුඩා දැරියකට අපයෝජනයට ලක්වන වීඩියෝවක් හුවමාරු වීම ,ෆේස්බුක් සමාගම විසින් මේ වනවිට අත්හිටුවා තිබෙනවා
ජාතික ලමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ ප්රකාශ කළේ සිංගප්පුරුවේ පිහිටි එම සමාගමේ නීතිය බලගැන්වීමේ ඒකකයට කළ දැනුම්දීමකට අනුව මෙම පියවර ගෙන ඇති බවයි.
මෙම දැරිය අපයෝජනයට ලක් කරන පුද්ගලයා කවුරුන්ද යන්න හදුනා ගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදුකරනවා.
මේ සම්බන්ධයෙන් මැණික් ව්යාපාරික ප්රියන්ග පුෂ්පකුමාර ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණ ඊයේ ලබා දුන්න
අනතුරුව ඔහු කොළඹ අධිකරණ වෙවද්යවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.
එම වීඩියෝ පටයේ හඩපට පරික්ෂාව ද , රජයේ රස පරික්ෂක දෙපර්තමේන්තුව මගින් සිදුකෙරෙන අතර එහි ප්රතිපල ඉදිරියේදි ලැබෙනු ඇති බවයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ වැඩිදුරටත් කියා සිටියේ.
