Gossip

අඩු කුලේ තරුණියක බලවතුන් පිරිසක් දූෂණය කර මරලා

පහළම කුලයක් ලෙස සැලකෙන ‘දාලිත්’ කුලයේ තරුණියක සමූහ දූෂණයකට ලක් කර මරණයට පත් කර ඇත. 22 හැවිරිදි මෙම තරුණිය ප්‍රාදේශීය පාසලකට ඇතුළත්වීම සඳහා අයැදුම් කිරීමට ගොස් ආපසු නිවසට ඒමේදී ඇයව වාහනයක් වෙත බලහත්කාරයෙන් රැගෙන ගොස් දූෂණයට ලක් කර ඇත.

‘ඉහළ කුලයක’ පිරිමින් කිහිප දෙනකු විසින් දූෂණය කරන ලද තවත් දාලිත් කුලයේ කාන්තාවක් පසුගිය සැප්තැම්බර් 19 වැනිදා මියගොස් ඇති අතර එහි උණුසුම මැකී යෑමටත් ප්‍රථම මෙම සමූහ දූෂණය සහ මරණය වාර්තා වී තිබේ.

ඉන්දියාවේ කුල ක්‍රමයට අනුව දාලිත් කුලය පවතින්නේ සමාජය පතුලේය. ඔවුන්ව ආරක්ෂා කිරීම සඳහා රටේ නීති පවතිද්දීත් එම ජන කොටස තවමත් පුළුල් ලෙස වෙනස් කොට සැලකීම්වලට මුහුණ දෙති.

මෙම අපරාධ දෙකම වාර්තා වන්නේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙනි. පළමුවෙන්ම ප්‍රාන්තයේ බොහෝ දිස්ත්‍රික්කවල වීථි උද්ඝෝෂණය ආරම්භ වී තිබේ. අපරාධය වාර්තා වන බල්රම්පුර් දිස්ත්‍රික් පොලිසිය විසින් පසුගිය 19 වැනිදා සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

දැන් අලුත්ම සිදුවීම වාර්තා වන්නේ හත්‍රාස් දිස්ත්‍රික්කයේ කිලෝමීටර් 500ක් ඈතින් පිහිටි අතිශය නොදියුණු ගම්මානයකිනි. මෙම දැරියගේ ඥාතීන් හමුවීමට ගිය රාහුල් සහ ප්‍රියංකා ගාන්ධි උත්තර ප්‍රදේශ් පොලිසියෙන් රඳවාගෙන තිබේ.

ඉන්දියාවේ වෙනත් අපරාධවලදී සමාජ මාධ්‍යවල ක්‍රියාකාරිත්වය ඉතාම ඉහළින් පැවතුණද මෙවැනි පහත් යැයි සම්මත කුලයන්ට අයත් පුද්ගලයන්ට එරෙහි අපරාධවලදී සමාජ මාධ්‍යද මන්දගාමී ක්‍රියාකාරිත්වයක් පෙන්වයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!