මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා සමග දුරකථන සංවාදයේ යෙදී ඇති බවට අනාවරණය වන අධිකරණ විනිසුරුවන්, උසස් පොලිස් නිලධාරීන්, අල්ලස් කොමිෂන් සභාවේ නිලධාරීන් ඇතුළු සියලූම දෙනාට තරාතිරම නොබලා ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (15 දා) පස්වරුවේ නුගේගොඩ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් වසන්ත කුමාර මහතාට දැනුම් දී තිබෙනවා.
එකී පුද්ගලයන් කුමන නිලතලයක් දැරුවත් කුමන තරාතිරමක සිටියත් ඒ කිසිවක් නොසලකා, ඉදිරිපත් වන සාක්ෂි අනුව සුදුසු අධිකරණයක් හමුවට පැමිණවීමට පියවර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව පසුබට නොවී ඉදිරියේදී සුදුසු පියවර ගන්නා බව දිලීප පීරිස් මහතා වැඩිදුරටත් පවසා තිබෙනවා.