ඇත්තටම කවුද මේ ඇමතිවරයෙක් වුණාට පස්සේ උසස් පෙළ ලියන්න හදනනේ. ඔහුව පසුගියදා බබාලන්තය තුළින් ද අපට හමුවුණු චරිතයක්.
මේ විදියට අගෝස්තු 1 වෙනිදා අ.පො.ස උසස් පෙළ ලියන්න හදන්නේ වෙනකවුරුත් නෙවෙයි, දක්ෂ රංගන ශිල්පියෙක් වන ඒ වගේම වර්ථමානයේ අප රටේ පෙරළිකාර ඇමතිවරයෙකු වන රංජන් රාමනායක මැතිතුමා.
මෙතුමා පසුගිය දා සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වුණු අවස්ථාවකදි කියලා තියෙනවා තමන් මේ පාර උසස් පෙළ ලියන්න ඉල්ලුම් කරලා තියනවා කියලා.
එතුමාට පෙරළිකාරයි කිව්වේ නිකමට නෙවෙයි. මොකද ඒ සාකච්ඡාවේදී ම කියලා තියනවා සෑහෙන්න නඩු ගොඩක් දාගන ඉන්නේ කියලා.
කොහොම වුණත් ඇයි මේ හදිස්සියේම උසස් පෙළ ලියන්න හදන්නේ කියලා අහලා බැලුවාම ඔහු ප්‍රකාශ කලේ දාගන ඉන්න නඩු ගොඩත් එක්ක නීති ශිෂ්‍යයෙක් වෙන්න උවමනා බව.
මේ වෙනකොට විවෘත විශ්ව විද්‍යාලයේ උපාධියක් හදාරනවලු. නීති සිසුවෙක් වෙන්න. උසස් පෙළ විශයන් තුනම සමත් වෙලා තියෙන්න අවශ්‍යලු.
ඉතින් මෙන්න මේ හේතුව නිසාලු රන්ජන් ඇමතිතුමා උසස් පෙළ කරන්න අයදුම් කරලා තියෙන්නේ.
කමක් නෑ ඉතිම් ඉස්කොලෙවත් ගියෙ නැති මිනිස්සු විද්‍යාඥයෝ වුණු ලෝකයක රංජන් රාමනායක මැතිතුමා ඇමතිවරයෙක් වුණාට පස්සේ උසස් පෙළ ලියන්න හදන එකේ වැරැද්ද මොකක්ද කියලා කට්ටියකට හිතෙනවා ඇති නේද.. කොහොම වුණත් නඩු 30 විතර දාගත්ත එකෙන් එතුමට
කියලා වගේම රටටත් ටිකක් විතර හොදක් වෙයි කියලා හිතෙනවා..
ඔහු රංගන ශිල්පියෙක් හැටියට කලා ක්ෂේත්‍රය ගැන තියෙන්නේ සෑහෙන්න ලොකු තෘප්තියක්. ඔහු නළුවා යන්න අපූර්ව අර්ථකථකයත් ඉදිරිපත් කරනවා.
නළුවෙක් කියන්නේ මගුල් සක්වල ඉපදුණු පුණ්‍යවන්තයෙක් විශාල පුණ්‍යකර්ම ගොඩක් කරන්න ඔින. ඒ වගේම ඔහුට තම රංගන ක්ෂේත්‍රය ගැන තියෙන්නේ මේ වගේ අදහසක්.
මේ ලෝකේ එකම ජොබ් එක ගෙදරට ඇවිල්ලා සල්ලි දීලා වහනයකුත් දීලා ඇදුම් දීලා යන්න වාහනයකුත් දීලා පෙට්‍රලුත් ගහලා ඇඩ්වාන්ස් එකකුත් දීලා හෝටලේකුත් දීලා ප්‍රේම කරන්න දීලා ප්‍රේම කරන්න ගෙවන එකම ජොබ් එක.
ඩිරෙක්ටම ඇවිල්ලා ඇදත් දීලා පෙම්වතිය එක්ක සිපවැලද ගන්න එකටත් ගෙවනවා.
ගෙදරට ඇවිල්ලා ලංකාවේ ඉන්න රෑපරාජිනියක් දීලා කන්දක් උඩට අපි දෙන්නව එක්ක ගිහිල්ලා ඉඹින්න කියනවා.
මේ වර්ණාවට අනුවනම් රංජන් රාමනායක මැතිතුමා ක්ෂේත්‍රයට මේ තරම් ආදරේ අපේ නිළියොයි රෑපරාජිණියොයි නිසාද කියලා එතුමාගේ කතාවෙන් කාටවුණත් හිතෙනවා වගේ.
කොහොම වුණත් මේක අහන අපේ කොල්ලෝ රෑප රාජිනියො ඉඹින්න ආසා හිතිලා නළුවෝ වෙන්න පොරකයිද දන්නෑ තව ටික දවසකින්.
එතුමා කියන විදියට නිළියන් හැමොටම ආදරේ හිතිලා තියෙනවලු. ඒ මදිවට ඒ හැමොවම රෑට හීනෙනුත් පෙනිලා තියෙවලු. එහෙම ඇතිවුණු ආදරයන් තාමත් හිතේ තියනවා වගේ කියලා එතුමා කරපු ප්‍රකාශයකින් තේරෙනවා. ඒ ගොල්ලෝ මට නීතියක් දලා තියෙනවා අපි දැන් විවාහ ජීවිත ගත කරනවා. මට ළඟදිත් පරණ පෙම්වතියක් බැන්නා අපේ දරැවොත් ලොකුයි බදින්නත් ඉන්නවා කරැණාකරලා කට වහගන ඉන්නවද කියලා… රංජන් මැතිතුමා බලන් යනකොට ඒ අතින් ලෙහෙසි පහසු පුද්ගලයෙක් නෙවේ වගේ..
එතුමාගේ රංගන ක්ෂේත්‍රයත් ඒක්ක වගේම දේශපාලන ක්ෂේත්‍රයත් එක්ක ගොඩක් දෙනෙක් හිතන්නේ එතුමාට බදින්න බැරිවුණා කියලා.
නැනේ අපි එහෙම හිතලා අපිට වැරදිලා… එතුමා ඒකට හොද උත්තරයක් දීලා තියනවා.. බදින්න බැරිවුණා නෙවේ බැන්දේ නැහැ. මට ඕන විදියට ඇහැරෙන්න මට ඕන විදියට නිදාගන්න මට ඕන දේ කියන්න කාටවත් බය නැතිව ජීවත් වෙන්න මේ වගේ නඩු ටිකක් දාගන්න පූර්ණ නිදහස මට ඕනම ගැහැණු ළමෙක් එක්ක ප්‍රේම කරන්න තියෙන නිදහස මම ඕනම ගෑණු ළමෙක් එක්ක බදාගන ෆොටෝ ගන්න තියෙන නිදහස , ඒ නිදහසත් එක්ක බදින්න බැරිවුණා නෙවේ මම විදිනවා නිදහස…
මේ කතාවල් අහනකොට හිතෙනවා රංජන් රාමනායක කියන්නේ ලංකාවේ සල්මන් ඛාන් ද කියලත්. මේ නිසා වෙන්න ඇති රංජන්ට අංකල් කීවොත් යකා නගින්නේ.. තාම අපේ ඇමතිතුමා
තාරැණ්‍යයේ පොපියන චමත්කාරය විදින පුද්ගලයෙක්නේ….
දේශපාලන ක්ෂේත්‍රය ගැන කතා කරනකොට එතුමා කියන්නේ කපටි වගේම උපක්‍රමශීලී නායකයා මහින්ද රාජපක්ෂලු… තමන් දාගන්න නඩුවල හැටියට අගමැති තුමාට සෑහෙන්න තරහා යනවලු . ඒත් ඉතිම් අගමැති තුමාට ඕනම දෙයක් දවස් පහලු මතක හිටින්නේ. ඊට පස්සේ එතුමාව ෂේප් කර ගන්නවා කියලා තමයි රංජන් රාමනායක සම්මුක සාකච්ඡාවේ දී කියලා තියෙන්නේ.
කොහොමින් කොහොම හරි එතුමා කිව්ව දේවල් එක්ක තේරෙන්නේ අපේ අටේ දේශපාලනයට එන්න අවම අධ්‍යාපන සුදුසුකම්වත් අවශ්‍ය නෑ කියන එකයි…නැත්තම් එතුමා වගේම අනිත් මේ වගේ ඈයෝ රට හදන තැන ඉදීද… අබුද්දස්ස කාලේ කියන්නේ මේකට තමයි. අපේ කොල්ලෝ ඊළගට රංජන් රාමනායක රැල්ලක් කරගන එතුමාව අනුගමනය කරන්න ගනීද දන්නැහැ..
