ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් වන චෝදනාවකට අදාලව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැර තිබේ.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතායි නියෝගය ලබා දුන්නේ.
රාජිත සේනාරත්න මහතාට රුපියල් ලක්ෂ 5 බැගින් වන ශරීර ඇප දෙකක් නියම කිරිමටයි අතිරේක මහේස්ත්‍රාත්වරයා නියම කළේ.