පකිස්ථානයේ සමාජ මාධ්‍ය තුළින් ඡායාරූප පළකළ තරුණියගේ ඝාතනයේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තරුණියගේ සහෝදරයා අත්අඩංගුවට ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 25 හැවිරිදි සැකකරු පාකිස්ථානයේ මධ්‍ය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. තරුණියගේ ගෙල මිරිකා ඝාතනය සිදුකළ බවට භෙලිවුණා.
මියගිය තරුණිය සමාජජාල තුළ පළකළ ආන්ද්‍යෝලනාත්මක ඡායාරූප සහ වීඩියෝ නිසා ඇයට තර්ජන එල්ලවුණා. අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙම ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළිකර ගැනීමට හැකිවනු ඇති බවයි පකිස්ථාන පොලිස් වාර්තා පවසන්නේ.
