බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි විලියම් කුමරුගේ බිරිඳ වන කේට් මිඩ්ල්ටන් කුමරියට උපත ලද ඇයගේ දරුවාට චාලට් එළිසබෙත් ඩයනා ලෙස නම් කර තිබේ.
කේම්බ්‍රිජ්හි ආධිපාදවරිය වන කේට් මිඩ්ල්ටන් කුමරිය ඇයගේ දෙවන දරුවා ලෙස පසුගිය දින දියණියක් ප්‍රසූත කළේය.
බකිංහැම් මාලිගාව නිවේදනය කළේ කේට් කුමරියගේ දෙවන දරුවා එරට වේලාවෙන් පෙරවරු 8.34ට බිහි කළ බවය.
රාජකීය පවුලට එකතු වූ අලුත්ම සාමාජිකයාගේ උපත් බර 3.6 කි.ග්‍රෑම් බව විදේශ පුවත් සේවය පවසයි.
දරු ප්‍රසූතිය සඳහා කේට් කුමරිය මෙවරත් ඇතුළත් කෙරුණේ ඇගේ පළමු දරුවා වන ජෝර්ජ් කුමරු උපන් ශාන්ත මරියා රෝහල වෙතට බව සඳහන්ය.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එංගලන්ත වේලාවෙන් පසුගිය 02 වැනි දා අලුයම 6.00 ට පමණ කේට් කුමරිය දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගතව ඇතැයි රජ මාළිගය නිවේදනය කළ බවයි.

fiverr eebest8
May 7, 2015 at 10:40 pm
It will never feature large degrees of filler information, or even lengthy explanations.
my response
July 2, 2015 at 11:01 pm
I am so grateful for your article post.Much thanks again.