“ගුරුන්ටත් අකුරු වරදී” කියලා කියමනක් අහලා ඇතිනේද?. මේ කියන්න යන්නේ ඒ වගේ කතාවක් තමයි. මේ කතාවට සම්බන්ධ ගුරුවරුන් නොවෙයි පොලීසියයි. පොලිසියේ මහත්තුරු රියදුරන් ගැන බොහෝම උනන්දු කොට්ඨාසයක් නේ. ඒ මාර්ග නීති ගැන කියාදීමේදී. විශේෂයෙන් බීමතින් රිය පදවා අසුවුණොත් වෙන දේ දන්න නිසා බීමතින් රිය පදවමින් පොලීසිය දැක්ක නොදැක්ක ගාණට යන එක නම් එච්චර ලෙසී නෑ.
කොහොම කොහොම හරි අර මුලදී කියූ “ගුරුන්ටත් අකුරු වරදී” කතාව කියන්න හිතුණේ නුගේගොඩ නගරාසන්නයේ සිදුව ඇති රිය අනතුරක් ගැන කියන්න ඕන නිසයි. වැරදි සිදුවීම් සාමාන්‍ය දෙයක් කියලත් කියනවා තමයි. මේ වැරැද්ද වුණේ කොහොමද කියලා නම් දන්නේ නෑ. ඒත් මේක බලලා යමක් අවබෝධ කර ගන්න හැකිය කියලා හිතුණා.
