තරු හුට පට

චීන අහසෙන් අභිරහස් නගරයක් මතුවෙයි

10

චීනයේ අහස් කුස තුළ දක්නට ලැබුණු නගරයක් නිසා එරට වැසියන් විමතියට පත්වූ පුවතකට අදාළ වීඩියෝවක් මේවන විට අන්තර්ජාලයේ වේගයෙන් ව්‍යාප්තවෙමින් තිබේ. මෙය සිදුව ඇත්තේ දීනයේ, ෆොෂාන් නැමති නගරයට ඉහළ අ‍හසෙයි. එම අහස් කුස තුළ ගොඩනැඟිලි රැසක දර්ශනයක් එකවරම දක්නට ලැබී ඇති අතර එය පසුව අතුරුදන්වී තිබෙනවා.

කෙසේ වුවද එම දර්ශනය නගර වැසියෙකු විසින් වීඩියෝ කිරීම නිසා එම සිද්ධිය දැන් ලොවපුරා සිටින ජනතාව දැක ගැනීමට අවස්ථාව උදාවෙලා. මෙම නගරය අතුරුදන්වීමෙන් පසු චීනයේ බොහෝ වැසියන් එය යළි දැක බලා ගැනීමට පුල පුලා බලා සිටින බව ද වාර්තා වනවා. කෙසේ වුවද බැලූ බැල්මට මෙය එකවරම සිතුවමක සේයාවක්ද හදවතට නැගෙන නමුත් එය සැබවින්ම නගරයක් දිස්වී අතුරුදන් වූයේද යන්න සත්‍ය හෙළිදරව්වක් කිරීමට නොහැකි වී තිබෙනවා.

කෙසේ වුවද මේ වැනිම වූ සිද්ධියක් 2011 වසරේදී ද හුඅන්ග්ෂාන්  හි සිදුව ඇති බවත් කියවෙනවා. අති විශාල නගරයක් ගස් කොළන් හා ගොඩනැගිලිද ඇතුළුව එම ප්‍රදේශයේ  ඉහළ අහසේ දිස් වූ ආකාරය හුඅන්ග්ෂාන්  වැසියන් ඡායාරූපගත කර තිබෙනවා.

කෙසේ ‍හෝ මෙම ෆොෂාන් හි දර්ශනය ගැන මේවන විට විවිධ අදහස් විවිධ අයගෙන් ප්‍රකාශ වෙමින් තිබෙන බවත් එරට මාධ්‍ය වාර්තා කරනවා.  විශේෂඥයින් පවසන්නේ මෙය “ෆටා මොර්ගනා” නම් සොබා දහමේ ඇති සංසිද්ධියක් බවයි. තවත් පිරිසක් පවසා ඇත්තේ මෙය පෘථිවියට සමාන්තර ලොවක දර්ශනයක් බවයි. මේ අතර තවත් පිරිසකගේ මතයක් වී ඇත්තේ තාක්ෂණයේ විවිධ ඉසව් තරණය කරන චීනය සිදුකළ නව අත්හදා බැලීමක් විය හැකි බවයි.

මෙම නගරය දිස්වන ආකාරය පහත වීඩියොවෙන් බලන්න

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!