දිවයිනටම බලපැවැත්වෙන පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්ම වෙමින් පවතිනවා.
ඊයේ පස්වරු හයේ සිට සඳුදා උදෑසන 6 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවා.
මීට ආසන්නතම හේතුව වුණේ කොරෝනා ආසාදිතයින් වැඩි පිරිසක් මෙරටින් හඳුනා ගැනීම.
මෙවන් අර්බුදකාරී වාතාවරණයක් තුළ රටේම ජනතාව නිවෙස්වලට වී කාලය ගත කළ යුතු බවයි රජය විසින් දැනුම් දී තිබෙනවා.
ඒ විදිහට නිවෙස්වලට නොයා රාජකාරියේ යෙදිලා ඉන්න ත්‍රිවිධ හමුදාව, වෛද්‍යවරුන් අපිට අමතක කරන්න බැහැ. ඔවුන් ඔවුන්ගේ ජීවිත අවදානමයි අරගෙන මෙම ක්‍රියාන්විතයේ යෙදෙමින් ඉන්නවා.
ඒ අතරතුර ඇඳිරි නීතිය මධ්‍යයෙත් නීතිය අකුරටම ඉටුකරන පොලිස් නිලවිරුවන්ද අප අමතක කළ යුතු නැහැ.
මෙවන් මොහොතක රටේම ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් මහ පාරේ දුව ඇවිදමින් සිටිනවා.
ඇඳිරි නීතිය හේතුවෙන්ම අන්ත අසරණ වුණු මිනිසුන්ව ද ඔවුන් අමතක කරලා නැහැ.
එම ඡායාරූප පහතින්…
