Dolichandra unguis-cati යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හදුන්වන ශාක විශේෂය සෑම වසරකදීම මාර්තු මස පේරාදෙණිය සරසවිය හැඩ කරනවා.
වියනක් වගේ අතුපතර විහිදී යන මේ මල් මීටර් 30 ක් පමණ උසට ගස්වල සිට පහළට විහිදී හැලෙනවා.
මේ අසිරිය විදින් හැම අවුරුද්දකම වගේ බොහෝ දෙනා එකතු වුණත් මේ සැරේ ඒ අවස්ථාව කාටවත්ම උදාවුණේ නෑ.
ඒ කොරෝනා වසංගතය නිසා.
හැබැයි ඒ වසන්ත අසිරිය නොදුටු ඔබට දැකගන්න අවස්ථාවක් මේ ඡායාරූප පෙලෙන් තිබෙනවා.
ඡායාරූප – ධනුෂ්ක කුමාරතුංග
