Fly Dubai ගුවන් සමාගමකට අයත් ගුවන් යානයක් පසුගිය දින මඟින් සහ කාර්ය මණ්ඩලයේ 55 දෙනෙකු සමඟ රුසියාවේ දකුණුදිග රෝස්තෙව් නගරයේ ගුවන් තොටුපල ආසන්නයේදී කඩා වැටුණා කියලා කවුරුත් දන්නවා.
ගොඩක් පිරිස් නම් කියන්නේ මේ අනතුරට හේතුව අයහපත් කාලගුණය යැයි නිගමණය කළ හැති බවයි.
මේ අතර මේ ගුවන් යානයේ ගිය රූමත් රුසියානු තරුණියක් ගැන වැඩියෙන් කතා වෙනවා. ඇයගේ වයස අවුරුදු 25යි. ඇය ඩුබායි වලට ගිහින් තියෙන්නේ අම්මව බලන්න. සති දෙක තුනකින් පස්සේ ඇය ආපහු රුසියාවට එනකොට තමා මේ අනතුරින් ඇයගේ ජීවිතය අහිමි වුණේ.
මේ තරුණිය ගැන වැඩියෙන් කතා වෙන්න හේතුව තමා ඇය අනතුර සිදුවීමට පැයකට පෙර ලබා ගත් සෙල්ෆි ඡායාරූපය. ඇය එය අන්තර්ජාලයටත් එක් කරලා තියෙනවා.
Anna Sergeeva නම් ඒ තරුණිය මිය යාමට පැයකට පෙර ලබා ගත් සෙල්ෆිය බලන්න.
