Gossip News

කොරෝනාවට බියෙන් පාර්ලිමේන්තුව වසා දමයි

දකුණු කොරියාව තුළ නැවතත් කොවිඞ් 19 වෛරසයේ බලපෑම ඉහළ යමින් තිබේ. මේ දක්වා නව ආසාදිතයන් 441 ක් වාර්තා වී ඇති අතර ඊයේ දිනයේදී ආසාදිතයන් 320 ක් වාර්තා වී තිබිණි. පෙරේදා එම අගය සටහන් වූයේ 280 ක් ලෙසයි.

මෙම වෛරසය චීනයෙන් පිටතට පැමිණි මුල් වකවානුවේදී දකුණු කොරියාව තුළ එය ඉතා සීග‍්‍රයෙන් ව්‍යාප්ත වූ අතර මාර්තු මුල වන විට දෛනිකව නව ආසාදිතයන් 500 කට වඩා වාර්තා විය. කෙසේ නමුත් පසුව කොරියානු බලධාරීන් වෛරසය සාර්ථකව මැඬපැවැත්වීමට සමත් විය.

මැයි මාසය වන විට දෛනිකව හමුවන නව ආසාදිතයන් ප‍්‍රමාණය දහයකටත් වඩා අඩු මට්ටමකට ගෙනඒමට ඔවුන් සමත් වී තිබිණි.

දකුණු කොරියානු රජය වෛරසය මැඬපවත්වා මහ මැතිවරණය පවා සාර්ථකව පැවැත්වීමට සමත් විය. ලොව බොහෝ රටවල මැතිවරණ දින නියමයකින් තොරව කල් දමා තිබියදී දකුණු කොරියානු මැතිවරණය සාර්ථකව අවසන් වූ අතර ඔවුන් මැතිවරණ පැවැත්වීමේදී අනුගමනය කරන දියුණු තාක්‍ෂණික ක‍්‍රමවේද හේතුවෙන් මැතිවරණ ක‍්‍රියාවලිය වෛරසයේ ව්‍යාප්තියට හේතු නොවීය.

කෙසේ වෙතත් අගෝස්තු මාසයේ මුල සිට නැවත එරටින් හමුවන නව ආසාදිතයන් ප‍්‍රමාණය ක‍්‍රමයෙන් ඉහළ ගිය අතර මේ වනවිට දිනපතා 250 ඉක්මවන නව ආසාදිතයන් ප‍්‍රමාණයක් වාර්තා වෙමින් තිබේ. මේ අතර දකුණු කොරියානු පාර්ලිමේන්තුව වසා දමා ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!