පොලිස් ඇඳිරි නීතිය බලපැවැත්වෙමින් තිබියදී වේයන්ගොඩ ප්‍රදේශයේ දී ඊයේ (21) පස්වරු 12.30 ට පමන යතුරුපැදියක් සහ පෞද්ගලික රෝහලකට අයත් ගිලන් රථයක් මුහුණට මුහුණ ගැටී යතුරුපැදියේ ගමන් ගත් අයෙකු මිය ගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ යතුරුපැදියේ පිටුපස අසුනේ ගමන්ගත් වේයන්ගොඩ කුඹල්ඔලුව ප්‍රදේශයේ පදිංචිව සිටි ශෂික නයනක රණසිංහ නමැති 17 හැවිරිදි තරුණයෙක්.
යතුරුපැදිය පැදවූ පුද්ගලයා සුළු තුවාල ලබා වතුපිටිවල මුලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
යතුරුපැදිය වේයන්ගොඩ සිට කළගෙඩිහේන දෙසට ධාවනය වෙමින් තිබියදී ඊට ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය වූ ගිලන් රථයේ මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවත් යතුරුපැදියේ අධික වේගය සහ ගිලන් රථයේ අපරික්ෂාකාරී රියධාවනය අනතුරට හේතුව බවත් පොලිසිය සඳහන් කළා.
අධික වේගයෙන් ධාවනය කර අනතුරට පත් යතුරු පැදියේ ”no race amma case” යනුවෙන් ස්ටිකර් එකක්ද අලවා තිබූ අයුරු දක්නට ලැබුණා”
අනතුරට පත් යතුරුපැදිය වේයන්ගොඩ ගුවන් පාලම අසලදී පොලිස් අණ නොතකා අධික වේගයෙන් ධාවනය කල බව පොලිසිය පවසනවා.
ගිලන් රථය රෝහල් කාර්යමණ්ඩලය රැගෙන ඒම සඳහා පල්ලෙවෙල ප්‍රදේශය බලා ධාවනක කරමින් තිබියදී මෙම අනතුර සිදුව ඇති බවත් අනතුරින් පසු ගිලන් රථය එම ස්ථානයෙන් පලාගොස් කාර්යමණ්ඩලයද රැගෙන වෙනත් මාර්ගයක් ඔස්සේ ධාවනය කරමින් තිබියදී යක්කල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සඳහන් කළා.
ගිලන් රථයේ රියදුරු අත්තනගල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත්කිරීමට නියමිතයි.
මියගිය තරුණයාගේ පස්චාත් මරණ පරීක්ෂණය වතුපිටිවල මුලික රෝහලේදී පැවැත්වූ අතර මොලයට සිදුවූ හානි හේතුවෙන් මරණය සිදුව ඇතිබව අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාවේ සඳහන්.
රිය අනතුර සම්බන්දව වැඩිදුර විමර්ශන වේයන්ගොඩ පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පො .ප ජයතිලක මහතාගේ අධීක්ෂණය යටතේ පවත්වනවා.
