පිළිකා රෝගයකින් පෙළෙන තම මිතුරා වෙනුවෙන් අපූරු අභියෝගයක් බාරගත් මිතුරෙකු ගැන මේ දවස්වල ලෝකයේම අවධානය යොමුවෙලා තිබෙනවා.
මෙම සිදුවීම වාර්තා වන්නේ එංගලන්තයෙන්.
නික් බටර් නම් තරුණයාගේ මිතුරෙකු පිළිකා රෝගයක් වැළදී ඇති බවට දැනගත් පසු මොහු ඒ වෙනුවෙන් අරමුදල් රැස් කිරීමට පටන් ගෙන තිබෙනවා.
ඒ වෙනුවෙන් රටවල් 196 ක මැරතන් ධාවන තරග 196 කට නික් බටර් එක්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.
2018 වසරේදී මෙම කටයුත්ත ආරම්භ කර ඇති අතර පළමුවෙන්ම ඔහු කැනඩාවෙන් මෙය පටන් ගෙන ඇැති අතර අවසන් කර තිබෙන්නේ ග්‍රීසියේ ඇතැන්ස් නුවරින්.
මෙම අභියෝගය අවසන් කරීමට නික් බටර්ට දින 674 ක් ගතවී ඇති බවත් මෙම තරග සංචාරය නිමා කිරීමෙන් පසු තමන් දැඩි වෙනහෙසට පත්ව ඇති බවත් නික් සඳහන් කර තිබුණා.
