හොලිවුඩ්

නවසීලන්තයට අලුත් කොඩියක් – අවසන් නිර්මාණ හතර මෙන්න

1111

 

නවසීලන්තය වෙනුවෙන් අලුත් ධජයක් තෝරාගැනීම වෙනුවෙන් වූ අවසන් නිර්මාණ හතර මේ වනවිට ප්‍රසිද්ධියට පත්කොට  තිබෙනවා.

කෙසේ වෙතත්, මේ නව නිර්මාණ පිළිබඳවද විවේචන එල්ල වන අතර, එකී නිර්මාණ හතරම සාම්ප්‍රදායික මෙන්ම ඇතැම් විට සිතට ප්‍රිය නූපදින නිර්මාණ බවද ඇතැම්හු පවසති.

මේ ධජ අතරින් රිදී පැහැති මීවන පත්‍රය අඩංගු නිර්මාණය නවසීලන්ත අගමැති ජෝන් කීගේද වැඩි කැමැත්ත පවතන බව විදේශ වාර්ති පෙන්වා දෙයි.

ඒ යටතේ එක් ධජයක් කලු සහ සුදු පැහැයෙන් යුක්ත වන අතර එහි නිර්මාණකරුවා ඇලෝෆි කාන්ටර් නැමැත්තෙකි.

එසේම තවත් ධජ දෙකකදී ෆර්න් පත්‍රයට අමතරව දකුණු කුරුස තාරකා මණ්ඩලය ඇතුළත්ව ඇති අතර, එහි නිර්මාණකරුවා කයිලි ලොක්වුඩ් ලෙස හඳුනාගෙන ඇත.

සිව්වැනි නිර්මාණය ලෙස ඉදිරිපත්ව ඇති කොරු නොහොත් දිග නොහැරුණු ෆර්න් පත්‍රයක හැඩය ගත් කලු සහ සුදු පැහැයෙන් යුක්ත ධජය ඇන්ඩෘ ෆයිෆේ නැමැත්තෙකුගේ නිර්මාණයකි.

1 2 3 4

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!