තරු හුට පට

සඳ මතුපිටින් අලුත්ම පාෂාණ විශේෂයක් සොයාගනියි – මෙන්න නවතම හෙළිදරව්ව

30 1

සඳ මතුපිට ටයිටේනියම් නමැති ලෝහය බහුලව ඇතැයි නවතම  පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා. මෙම පර්යේෂණය සිදුකර ඇත්තේ චීනයේ ජේඩ් රැබිට් රෝවරයෙන්  සඳ මතුපිටින් ගත් බැසොල්ට් නමැති ගල් වර්ගයක සාම්පල පරීක්ෂා කිරීමෙනුයි.

සඳ ගවේෂණයට චීනය විසින් මේ රෝවරය යවන ලද්දේ 2013 වර්ෂයේ දී ය. එම වසරේ දෙසැම්බරයේ සිට රෝවරය සඳ මතුපිට ගවේෂණ කටයුතු ආරම්භ කරන ලදී.

එම රෝවරයෙන් ලබාගත් සාම්පල අනූව  සඳ මත පවතින ගිනිකඳු ස්වභාවය ගැන දැන් අවධානය යොමුකර ඇති බව විද්‍යාඥයින් කියනවා. මෙම පාෂාණ කඳුවල  ඉතා හොඳම ටයිටේනියම් ඩයෝක්සයිඩ්, යකඩ සහ මැග්නීසියම් යන ඛණිජවලින් සමන්විත ඔලිවින් නැමැති මූලද්‍රව්‍ය වල සම්මිශ්‍ර‍ණයක් ඇතැයි ඔවුන් විශ්වාස කරනවා.

නාසා මගින් වසර 40ට ඉහතදී සිදුකළ ලූනා හා ඇපලෝ ගමන්වල දී එවන ලද චන්ද්‍රයාගේ බැසෝල්ට් සාම්පල වලට වඩා හාත්පසින් වෙනස් ස්වරූපයක් චීන ජේඩ් රැබීඩ් මගින් මගින් සොයාගත් සාම්පල වල ඇතැයි විද්‍යාඥයින් කියනවා.

අමෙරිකානු සහ චිනයේ ෂැන්ඩොන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් එක්ව සිදුකළ මෙම සොයාගැනීම නේචර් කොමියුනිකේෂන් නමැති ජාත්‍යන්තර විද්‍යා සගරාවේ ප්‍රසිද්ධ කර තිබෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!