පොහොට්ටුවේද සහය ඇතිව ශ්රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමට සාකච්ඡා මේ වනවිටත් පවත්වමින් සිටින බව වාර්තා වනවා.
එම ආණ්ඩුවේ අගමැති ධුරය සඳහා නිමල් සිරිපාල ද සිල්වා යෝජනා වී තිබෙන බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.
තවද ශ්රී ලංකා නිදහස් පක්ෂය ලබන සිකුරාදා තම බහුතරය පෙන්වීමට කටයුතු කර ඇති බවත් මේ වනවිට ශ්රී ලංකා නිදහස් පක්ෂ බහුතරය එක්රැස් කරගැනීමට කටයුතු සූදානම් කරමින් සිටින බවත් සඳහන්.
මේ සඳහා තනතුරු සහ වගකීම් බාරනොගෙන, ඒකාබද්ධ විපක්ෂය සහය පලකරන බවයි වාර්තා වන්නේ.
ආණ්ඩුව සමඟ සිටින ශ්රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරු 42 සහ ඒකාබද්ධ විපක්ෂයේ 52 සහ එජාප හවුල්කාර පක්ෂවල මන්තීවරු 26 දෙනෙකුගේ සහය මේ සඳහා ලැබී ඇති බවත් එහි වැඩිදුරටත් දැක්වෙනවා.
ඊයේ කොළඹ 7 පිහටි ජනපති නිල නිවසේදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කර ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.
