හොලිවුඩ්

නාසා ආයතනය ශ්‍රී ලංකාවටත් අනතුරු අඟවයි

nasa
මේ අවුරුද්දේ පරිස්සම් වෙන්න කියා නාසා ආයතනය ශ‍්‍රී ලංකාවට අනතුරු අඟවයි

ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට බලපෑ හැකි ප‍්‍රබලම එල්නිනෝ තත්ත්වය මේ වසරේදී ඇති විය හැකි බව නාසා ආයතනය නිවේදනය කරයි.

එල්නිනෝ ක‍්‍රියාවලිය කාලගුණය සම්බන්ධයෙන් සාමාන්‍ය සිදුවීමක් වුවත් මෙවර ඇතිවන ප‍්‍රබල එල්නිනෝ තත්ත්වය චන්ද‍්‍රිකා ඡායාරූපවල පවා පෙර සටහන් නොවූ අන්දමට සටහන් වී ඇති බවද එම ආයතනය ප‍්‍රකාශ කර තිබේ.

මීට පෙර එවැනි ප‍්‍රබල තත්ත්වයක් ඇති වී ඇත්තේ 1998 වසරේදී වන අතර ලොව ඇතැම් ප‍්‍රදේශවලට දැඩි නියං තත්ත්වයක් සහ තවත් ප‍්‍රදේශයකට මහා ජල ගැලීම් ඇති විය හැකි බවද නාසා ආයතනය පෙන්වා දෙයි.

පැසිෆික් සාගර මුහුදු ජලය උණුසුම් වීමෙන් හටගැනෙන එල්නිනෝ සංසිද්ධිය මුළු ලෝකයේම කාලගුණ රටාව කෙරෙහි බලපෑම් ඇති කරයි.

එල්නිනෝ යනු පටියක ආකාරයෙන් සැලකිය හැකි උණුසුම් මුහුදු ජලයෙන් සමන්විත උෂ්ණත්ව කලාපයක් ලෙස නාසා විද්‍යාඥයන් හඳුන්වා ඇත.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!