හොලිවුඩ්

ලංකාවේ බලගතුම ක්‍රීඩකයා අර්ජුන – සංගා තවම මදි මුරලි කියයි

ශ්‍රී ලංකාව බිහිකළ බලගතුම ක්‍රිකට් ක්‍රීඩකයා කුමාර සංගක්කාර නොව අර්ජුන රණතුංග බව මුත්තයියා මුරලිදරන් කියයි.

සංගක්කාර එම තත්ත්වයට පැමිණීමට තව කල් ඇති බවද මුරලිදරන් පැවසුවේ යැයි ඉන්දීය එන්.ඩී.ටී.වී. ආයතනය පසුගියදා (25) වාර්තා කළේය. මුරලිට අනූව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සචින් ටෙන්ඩුල්කාර්ට පසුව වඩාත් ස්ථාවරවූ පිතිකරුවා සංගක්කාර බව පවසා ඇත. 1996 ලෝක කුසලානය දිනාගැනීම, ක්‍රීඩකයන්ගේ මානසිකත්වය වර්ධනය, වඩාත් බුද්ධිමත් විචාරශීලී මෙන්ම ආක්‍රමණශීලී නායකත්වයක් නිසා අර්ජුන රණතුංග ශ්‍රී ලංකාව බිහිකළ වඩාත් බලගතුම ක්‍රීඩකයා යැයි මුරලි පවසා තිබේ.

සුදු ජාතිකයන් තමාට එරෙහිව 1999 දී පන්දුව දමා ගසන්නෙක් යැයි චෝදනා කරද්දී අර්ජුන ඔහුගේ ක්‍රිකට් අනාගතය පිළිබඳ පවා නොසිතා නිර්භයව සුද්දන්ට එරෙහිව ඇඟිල්ල දිගු කිරීමට තරම් අර්ජුන නායකයෙකු වශයෙන් පන්නරයක් ලබා තිබූ බව මුරලි පවසා ඇත.”අර්ජුන අපිට අපිව විශ්වාස කරන්න ඉගැන්නුවා. ඔහු රට වෙනුවෙන් දශක දෙකක් ක්‍රිකට් ක්‍රීඩා කළා. අපි ඔහුට ණයගැතියි. ඔහු අපිට උදව් කළේ ජාත්‍යන්තරය දිග් විජය කළ හැකි ක්‍රීඩකයන් නිර්මාණය කිරීමේ අරමුණින්. ඒ නිසා අර්ජුන ලංකාව බිහිකළ බලගතුම ක්‍රීඩකයා ලෙස හැඳින්වීමෙන් සංගක්කාරට කිසිදු මදි පුංචිකමක් වෙන්නෙ නෑ” මුරලි පවසා තිබේ.

කෙසේ වුවද මුරලිදරන් පසුගියදා ජාත්‍යන්තර පිටියට සමුදුන් සංගක්කාර පිළිබඳවද ප්‍රශංසා මුඛයෙන් කතා කර තිබේ. “සංගක්කාර කියන්නේ පරිපූර්ණ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. සංගක්කාර එක දිගට පැය දෙකක් පවා පිතිකරණය සඳහා පුහුණුවීම පුහුණුකරුවන් පවා පුදුම කරවන්නක්” මුරලි කියා ඇත.

 

0

2

1

3

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!