1986 වසරේ දී ෆිෂිලියාගේ මවට තිබූ දැඩි ආර්ථික අපහසුතා නිසා ෆිලීෂියා හදා වඩා ගැනීමට භාර කෙරුණේ ශ්‍රී ලංකාවේ සංචාරය කළ ජර්මන් ජාතික යුවළකටයි.
වයස දින 21 ක් වූ ෆිලීෂියා දැරිය නීත්‍යනුකූලව තමන්ගේ භාරයට ගත් ඔවුන් ජර්මනියට ගොස් තම දරුවකු සේ ඇය හදා වඩා ගත් බවයි ඇය පවසන්නේ.
මේ වෙනකොට මව් පදවියට පත්වෙලා ඉන්න ෆිලීෂියා දෙදරු මවක්.
කොහොමහරි මාරවිල පැත්තේ අවුරුදු 30 කට වැඩි කාලයක් දුරස් වෙලා හිටපු මවක සහ දියණියකෙ යළි හමුවීමේ ඒ පුවත වාර්තාවුණා.
ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු ගේ මැදිහත්වීමෙන් ජර්මනියේ සිට පැමිණි ෆිලීෂියා සුජාතා ස්මිත් ට තමා මෙලොවට බිහි කළ මව වන ස්වර්ණලතා මහත්මිය හමුවෙයි.
අවුදුරුදු 30 ක කාලයකට දුරස් වුණු සෙනෙහස අම්මට වගේම දියණියටත් දැනුනේ දෑස් වලට සතුටු කඳුලක් එක්කරමින්.
ඒ අවස්ථාව සංවේදී මොහොතක් වුණා.
මෙච්චර කාලයක් තම දියණියව දකින්නට නොලැබීමෙන් තමන් මහත්සේ සිතින් දුක් වින්දා කියලයි ෆිලීෂියා ගේ මව වන ස්වර්ණලතා මාගරට් ප්‍රකාශ කළේ.
ෆිලීෂියාගේ පැමිණීමෙන් සහෝදර සහෝදරියන්ගේද හිත් සතුටින් පිරී ඉතිරී ගියා.
