මනුස්සයාට වගේම සත්තුන්ටත් ආදරය සෙනෙහස කියන දේවල් අවශ්‍යයි. එහෙම ආදරය සෙනෙහස ලබාගන්න සතුන් වුනත් බලන් ඉන්නවා.
ඒ වගේම මිනිසුන් සහ සතුන් අතර තිබෙන සමහර බැඳීම් සහ ඔවුනොවුන් අතර ඇති කරුණාව, ආදරය කියන හැඟීම් මිනිස් වර්ගයා අතරත් නැති තරම්.
කතාවට කියනවානේ මිනිසාගේ ළගම මිතුරා වෙන්නේ සුනඛයෙක් කියලා.
අපි මේ කියන්න යන්නේ එහෙම යාලුකමක් ගැන.
ඔහු මලිත්. මලිත් ආදරයෙන් හදාගත්ත සුනඛයා මිෂෙල්.
අසනීප තත්වයක් හේතුවෙන් මිෂෙල් මියගිහින්. ඉතින් මේ තරුණයා මියගිය මිෂෙල්ගේ අවසන් කටයුතු කර ඇති ආකාරය ගැන මේ දවස්වල සමාජජාල මාධ්‍යන්වල හුවමාරු වෙනවා.
ඒ වගේම තමයි මලිත් මිෂෙල් ගේ අවසන් කටයුතු කරලා තියෙන්නේ පාංශකූලෙත් දීලා.
මිනිසුන් අතරවත් නැති මනුස්සකමක් සතෙක් වෙනුවෙන් හටගන්නේ බොහොම කලාතුරකින්. ඒ අතින් මලිත් හැමෝටම හොද ආදර්ශයක්.
මේ සමාජජාල මාධ්‍යයන්වල පළවූ ඡායාරූප කිහිපයක් සහ ඔහු මිෂෙල් වෙනුවෙන් තැබූ සටහනක්.
