අපි හරි හම්බ කරන හැමදේම, මේ ලෝකේ හැම බැදීමක්ම අපිට දවසක දාලා යන්න වෙනවා.
ඒ ඇත්ත තේරුම් අරගෙන ජීවත් වෙන අය බොහොම අඩුයි.
මේ කියන්න යන්නේ හැමදේම අතහැරලා සසුන්ගත වුණු කෙනෙක් ගැනයි. ඔහු නමින් ජීවන් සේනාරත්න.
මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ මූලික අධ්‍යාපනය හදාරා රුහුණු විශ්ව විද්‍යාලයේ හපුගල ඉංජිනේරු පීඨයේදී ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු උපාධිය ලබා ඇති ජීවන් සේනාරත්න පෞද්ගලික ආයතනයක ප්‍රධාන ඉංජිනේරුවෙකු ලෙස රැකියාව කළ තරුණයෙක්.
ඔහු පසුගියදා තිත්තගල්ලේ ආනන්දසිරි හිමිගේ ධර්ම දේශන අසා ඒ මග වැඩීමට, සියලු දේ අත්හරිමින් මෙත් බෝ සෙවනදී මිරිස්සේ සුගතවංශ හිමි නමින් සසුන්ගත වී තිබෙනවා.
එහි ඡායාරූප පහතින්..
