මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවය කර ඇති වූ කොවිඩ් අවදානම හමුවේ වතුකරයට පැමිණ සැඟව සිටි සේවිකාවක් හඳුනාගෙන නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට මේ වන විට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා.
ඇය පදිංචිව සිටි වතු නිවාස පෙළෙහි 69 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු ඇත.
සේවිකාව තම සැමියා සමග මිනුවන්ගොඩ ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක රැඳී සිට තිබෙනවා.
මේ අතර ඊයේ (08) අලුයම හැටන් දික්ඔය පුලියාවත්ත හොන්සි වතුයායේ පහළ කොටසේ පිහිටි ඔවුන්ගේ නිවසට පැමිණ තිබෙනවා..
මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ නිලධාරීන් සහ යුද හමුදා මුලස්ථානය විසින් නොර්වුඩ් පොලීසිය වෙත ඇය පිළිබඳව තොරතුරු ලබා දීමෙන් පසු නොර්වුඩ් පොලීසියේ නිලධාරින් විසින් ඇයව හඳුනාගෙන තිබෙනවා.
අනතුරුව සේවිකාව, ඇයගේ සැමියා, එම සේවිකාවගේ මව, පියා සහ එම සේවිකාවගේ අවුරුදු 10ක් වයසැති දැරියද නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කරනු ලැබුවා.
