“අනිත්‍යා” චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි මිලින්ද මඩුගල්ල ඊට පසුව අපට මුණගැහුණේ “රූපාන්තරණ” චිත්‍රපටය තුළින්. ඉන් අනතුරුව කලක් නිහඬව සිට නැවත වතාවක් ඔහුගේ රංගනයන් අපිට සමීප වුණේ “දෙවැනි ඉනිම” නාට්‍යය හරහා.
කොහොමද මේ දවස්වල ජීවිතේ?
වරදක් නැහැ ජීවිතේ නම්. තියෙන කලා කටයුතු හොඳින් කරගෙන ඉන්නවා.
මේ දවස්වල ආයෙත් රිදී තිරයේ දැක ගන්න පුළුවන් නේද?
මේ දවස්වල මිචෙල් ෆොන්සේකා අධ්‍යක්ෂණය කරපු “නිම් හිම්” කියන චිත්‍රපටය තිරගත කරන්න ලෑස්ති වෙනවා. ජාති ආගම්වලට මැදිවුණු ආදර කතාවක්.
ආරාධනා ලැබුණු අලුත් වැඩ මොනවද?
අලුත් නිර්මාණ කිහිපයක් තියෙනවා. මේ මාසේ සහ මාර්තු මාසේ ඒවායේ වැඩ කටයුතු කිහිපයක්ම තියෙනවා. මේ වසරේ කොහොමත් හොඳ වැඩ කිහිපයකටම කතා කරලා තියෙනවා. කසුන් හීනටිගලගේ අලුත් නිර්මාණයක් කරන්න තියෙනවා. බලමු ඉතින් ඒවා තුළින් හොඳ දෙයක් කරන්න.
මේ වෙද්දි වැඩ අවසන් කරපු නිර්මාණ මොනවද?
නිරෝෂන් ඉලේපෙරුම ගේ ‘‘ධරණී’’ කියන නාට්‍යය බලන්න පුළුවන්. ඒක ධරණී කියන නවකතාව පාදක කරගනිමින් අනුරාධපුර ප්‍රදේශයේ රූගත කළ කොටස් 85ක විතර ලස්සන නාට්‍යයක්. ඒකෙ උමයංගනා වික්‍රමසිංහ, බුද්ධික ජයරත්න, අමිල කරුණානායක, කුමාරි මුණසිංහ, ලංකා බණ්ඩාරනායක ඇතුළු ගොඩක් කට්ටිය ඉන්නවා.
කොහොමද ලැබෙන ආරාධනා එක්ක චරිතයක් භාරගන්නේ?
එහෙම විශේෂයක් නැහැ.
ඒ කියන්නේ මුලින්ම බලන්නේ පිටපතද? අධ්‍යක්ෂවරයා කවුද කියන එකද? මුදලද?
පිටපත සහ අධ්‍යක්ෂවරයා ගැන සැලකිලිමත් වෙනවා. ලැබෙන හැම චරිතයක්ම භාර ගන්නේ නැහැ. මට දැනුණොත් මේ තුළින් යමක් කරන්න පුළුවන් කියලා. මම ඒක භාර ගන්නවා. ඒ හැර ප්‍රතික්ෂේප කරපු චරිතත් නැතුවාම නෙවෙයි. මම ආසයි විවිධ චරිත නිරූපණය කරන්න. ඒ එක්කම මුදල ගැනත් හිතන්න ඕනේ. අපි මේක කරන්නේ වෘත්තීය විදියට නම් අපි ජීවත් වෙන්නත් ඕනේ මේ තුළින්. පවුලේ කටයුතු දරුවන්ගේ කටයුතු, වාහන ලීසිං ඒවත් අනිත් අයට වගේ කලාකරුවන්ටත් පොදු දේවල්නේ.
මේ වෙද්දී රැකියාවෙන් ඉවත් වෙලා ඉන්නේ වෘත්තියෙන් රංගන ශිල්පියෙක් වෙලාද?
මෙහෙමයි, මම රැකියාව කරන කාලෙත් රංගනය කළේ වෘත්තියක් විදියට. මොකද මම කරන දේට සාධාරණයක් ඇතිව ගෞරවයක් ඇතිව තමා හැමදාම වැඩ කළේ. දැන් ඉතින් රැකියාවෙන් ඉවත් වෙලා පූර්ණකාලීනව කලාවට සම්බන්ධ වෙලා ඉන්නවා.
කොහොමද ගෙදරින්, බිරිඳගෙන් ලැබෙන සහයෝගය?
ඉතාම හොඳ සහයෝගයක් ලැබෙනවා. ඇය හොඳින් මාව තේරුම් අරන් ඉන්න කෙනෙක්. ඒකත් මගේ මේ ගමනට ලොකු ආශිර්වාදයක්. ඒ වගේම ඇයටත් හොඳ රසවින්දන හැකියාවක් තියෙන කෙනෙක් නිසා.
ලැබුණු චරිත ගැන තෘප්තිමත්ද?
ගොඩක් දුරට මට කතා කරේ හොඳ නිර්මාණවලට. ඒ නිසා ලැබුණු චරිත ගැන සහ මම කරපු චරිත ගැන මම තෘප්තිමත්.
ඉදිරියේදී ලැබුණොත් හොඳයි කියලා හිතෙන චරිත තියෙනවාද?
එහෙම විශේෂයෙන් කියන්න නම් චරිතයක් නැහැ. නමුත් ඉස්සරහට වෙනස් වෙනස් චරිතවලින් දැක ගන්න පුළුවන් වෙයි.
පොදුවේ අද සිනමාව ගැන මොකද හිතෙන්නේ?
දැන් නම් හොඳයි කියලා තමා දැනෙන්නේ. එකිනෙකට වෙනස් වූ හොඳ නිර්මාණ ටිකක් දකින්න පුළුවන් වුණා. හුස්ම යූ ටර්න් සහ සුනාමි වගේ. ඒ එක්කම ඉදිරියටත් හොඳ සිනමා නිර්මාණ කිහිපයක් එන්නත් තියෙන නිසා ඉදිරිය සුබ වෙයි කියලා දැනෙනවා.
ප්‍රේක්ෂකයන්ට මොකක්ද කියන්න තියෙන්නේ?
මේ දිනවල “නිම් හිම්” චිත්‍රපටය බලන්න. ඊට අමතරව මගේ ටෙලි නිර්මාණ එක්කත් දිගටම ඉන්න කියන ආරාධනාව තමා කරන්න තියෙන්නේ. මගතොටේදී දැක්කොත් කතා කරන්න මොකද ඒ ප්‍රේක්ෂක ආදරය තමා මම හිතන්නේ ඕනෙම කලාකරුවෙක් ලබන සතුට.
