Gossip

බුදුන් වැඳලා අහිංසක හිත්වලට සතුටක් දීලා සමරපු උපන් දිනය ගැන මේනකා කියපු කතාව – Exclusive

මේනකා මධුවන්ති කියන්නේ දැන් කවුරුත් දන්න කවුරුත් ආදරය කරන චරිතයක්.
පසුගිය දවසක මේනකා සිය උපන් දිනය සමරලා තිබුණා.
විශේෂ හැකියාවන් අති ළමුන් පුනරුත්ථාපනය කරන පාසලක සමරපු ඒ උපන්දින සාදය ගැනත් මේනකාගේ අලුත්ම විස්තර ගැනත් දැනගන්න වෙබ් ගොසිප් අපි මේනකාට කතා කළා.

මේනකා ඉතිං කොහොමද..?
හොදයි..

මේ පාර මේනකා වෙනස්ම විදිහකට උපන්දිනය සැමරුවා නේද..?
මේ පාර කියන්නේ මෙහෙමයි.. මම හැමපාරම දානයක් දෙනවා.. ඉතිං හැමපාරම සප්‍රයින් පාටියකුත් හම්බවුණා…
මම කැමති නැහැ උත්සව ගන්නවට.. මොකද උපන්දිනය කියන්නේ වයසට යෑමක්. ඉතිං ඒක සමරන්න ඕනේ කියලා මම හිතන්නේ නෑ.

අද හුඟක් අය මේ වගේ දේවල් කරනවා අඩුයි. කළත් ඒ සමාජෙට පේන්න නේද..?
මෙහෙමයි මම එහෙමනම් කට්ටිය ගෙනල්ලා ලෝකෙටම පේන්න මේ උත්සවය කරන්න තිබ්බා.
මටනම් එහෙම උවමනා නැහැ. ඇත්තටම අම්මයි තාත්තයි මමයි සහභාගී වෙලා තමයි මේ දේ කළේ. ඒ වගේම මගේ යාළුවා ගනිව සම්බන්ධ කරගත්තේ එදා ඉඳලා එයා මගේ ළඟින් ඉන්න යාළුවෙක් නිසා.
මට ඕන වුණේ නෑ රටටම අඬබෙර ගහලා උපන්දිනය සමරන්න.

ආදරේ ගැන මොකද හිතන්නේ..?
ආදරේ කියන්නේ සුන්දර දෙයක්. හැබැයි විඳින්න තියෙන දෙයක් මිසක් විඳවන්න තියෙන දෙයක්නම් නෙවෙයි.
මම හිතන්නේ මුල කාලේ විතරයි ආදරේ සුන්දර..

ඒ කියන්නේ මේනකත් ආදරේ විරහ වේදනාවක් විඳිනවද..?
හම්.. විඳලා තියෙනවා..

ඉතිං මේනකා දැන් මංගල සීනු එහෙම නාදකරන්න කල්පනාවක් නැද්ද..?
නාද කරන්න අදහසක් තියෙනවා.. සීනුව නාද කළාට විතරක් මදි පැවැත්මක් තියෙන්න ඕනේ. ඒකයි තවම ප්‍රමාද..

රංගන ක්ෂේත්‍රයේ ඉන්නවා කියන්නේ හොඳ චරිත සහතිකවලට වඩා ලැබෙන්නේ නරක චරිත සහතික නේද..?
ඒක ගොඩක්ම ඇත්ත. කොච්චර හොදට හිටියත් මමනම් දැකලා නෑ හොඳයි කියන කෙනෙක්.
හැමෝම කරන්නේ ඇගිල්ල දික්කරන එක. අපි දෙයක් කළොත් තියෙන ප්‍රසිද්ධියත් එක්ක ඒක කැපිලා පේනවා.
ඒකයි තියෙන අවාසිය.

මොනවද ඉදිරි බලාපොරොත්තු..?
සුපුරුදු පරිදි රූගත කිරීම්වල නිරත වෙනවා. ගොඩක් කාලයකට පස්සේ පොඩි විවේකයක් අරගෙන ආයෙමත් වැඩ කරන්න පටන් ගත්තා.
රංගන ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව.

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!