Gossip

මේනකා මධුවන්ති ලිංගික විපර්යාසයකට ලක්වෙලා

මේනකා මධුවන්ති කියන්නේ රංගන ක්ෂේත්‍රයේ නැගී එන නිලියක්. ඇයගේ Instagram ගිණුමට එකතුවෙන ඡායාරූප නිසාම පහුගිය කාලේදි මේනකා ගැන විවිධ කටකතා මැවෙන්න ගත්තා. ඒ වගේම ඇයගේ හොඳම යාළුවා වෙලා හිටපු ආක්ෂා සුදාරිත් එක්ක ඇතිවුණු පුංචි පුංචි ප්‍රශ්න නිසා ඒ ගැනත් කටකතා මැවෙන්න ගත්තා.

කොහොම වුණත් ඒ හැමදේම අතරේ මේනකා මේ වෙද්දි අලුත් වැඩකට අතගහලා තියෙනවා. ඒ පිරිමියෙක් වෙන එක. එහෙම කීවම ගොඩ දෙනෙක් හිතන්නේ ඇත්තම ජීවිතේ ඇය පිරිමියෙක් වෙන්න යනවා ඇති කියලා වුණත් මේ සිද්ධිය වුනේ අනෝරා කියන චිත්‍රපටයේදි.

ඒ ලිංගික විපර්යාසය සිද්ධවෙන චරිතය ගැන වගේම අලුත්ම අත්දැකීමකින් රංගනයට දායක වෙන්න ලැබීම ගැන මේනකා සතිඅන්ත පුවත්පතකට කියලා තිබුනේ මෙන්න මේ විදියට….

මේනකා ලිංගික විපර්යාසයකට මුහුණ දුන්නලු නේද ?

ඔය කියන්නේ මම සම්බන්ධ වුණු ”අනෝරා” කියන චිත්‍රපටය ගැනනේ. ඒ චිත්‍රපටය හෙක්ටර් කුමාරසිංහගේ. එහි නර්තන ශිල්පිනියකගේ චරිතයක් මම නිරූපණය කරන්නේ. ඒ චරිතය ලිංගික විපර්යාසයකට ලක්වෙනවා. ඉතිං මට ගැහැණු චරිතයක් සහ පිරිමි චරිතයක් ඒ චිත්‍රපටයේ නිරූපණය කරන්න තිබුනේ. ඒක අභියෝගාත්මක චරිතයක්. මම ඒ චරිතය හරිම ආසාවෙන් කලේ, මම කොහොමත් වෙනස් චරිතවලට කැමති.

දැන් ආක්ෂා එක්ක තිබ්බ යාළුකටම මොකද වෙලා තියෙන්නේ ?

ඒ යාළුකම තාම එහෙමම තියෙනවා.

හැබැයි ඉස්සවර වගේ ආක්ෂයි මේනකයි එකට දකින්න ලැබෙන අවස්ථා අඩුයිනේ ?
අපි දෙන්නගේ ඡායාරූප නිසා අපේ ජීවිතවල ගොඩක් දේවල් වෙනස් වුණා. ඒ නිසා මමමයි ආක්ෂට කීවේ අපේ පින්තූර දාන්න එපා කියලා. කොහොමවුනත් පින්තූරවලින් යාළුකම පෙන්වන්න බෑ. අපේ යාළුකම අපි අතර තාම තියෙනවා.

1 2 3 4

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!